දියණියව අපයෝජනය කළ පියාට වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ (LNW):

තම බාල වයස්කාර දියණියව දුෂණය කළ බව කියන සැකකරුවෙකුට වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ 02ක දඩයක් පුත්තලම මහාධිකරණ විනිසුරුවරිය විසින් නියම කර තිබේ.‍

ආණමඩුව, ඌරියාව – අන්දරවැව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු හට මහාධිකරණ විනිසුරුවරිය විසින් දඩුවම් නියම කර ඇත.

2006 වසරේ එවකට 15 හැවිරිදි වියේ පසු වූ තම දියණියව දුෂණය කරන ලද යැයි මෙම සැකකරුට එරෙහිව නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණු අතර, එම චෝදනාවන්ට සැකකරුව වැරදිකරු කළ මහාධිකරණ විනිසුරුවරිය ඔහුට දඬුවම් නියම කළ අතර සැකකරුට පනවා ඇති රුපියල් ලක්ෂ 02ක දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 06ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් ද මහාධිකරණ විනිසුරුවරිය විසින් නියම කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් පිටත දැන් තත්ත්වය! (PHOTOS)

කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වන විට...

හිටපු ජනපති රනිල් සිරගත කෙරුණේ පෝල් සාමිවරයාගේ ආරාධනය නිසා?

හිටපු ජනපති රනිල් සිරබත් කන්නේ පෝල් සාමිවරයාගේ ආරාධනය නිසා?

සෑම සුනඛයෙකුටම තමන්ගේම දිනයක් ඇත – ඒ අදයි! සුභ ජාත්‍යන්තර සුනඛ දිනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: ගේට්ටුව ඉදිරිපිටට වී වලිගය...