අල්-මුෆ්ටි පාසලට ප්‍රහාරයක්!15ක් මිය යයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලය එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් 15 දෙනෙකු මිය ගොස් තිබෙන අතර, ගැටුම් හේතුවෙන් අවතැන් වූ පලස්තීනුවන්ට නවාතැන් ගැනීමට යොදාගත් මධ්‍යම ගාසා තීරයේ අල්-මුෆ්ටි පාසලටයි මෙලෙස ප්‍රහාර එල්ල කර තිබුණේ.

මේ අතර ගාසා හි නුසෙයිරාත් සරණාගත කඳවුරටද ඊයේ කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල වූ බව වාර්තා වේ.

අද දිනයේ පාසලට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලැබූ බවද වාර්තා වේ. ඊශ්‍රායල හමුදා මේ වනවිට ගොඩබිම් මෙහෙයුමක නිරත වන අතර එම මෙහෙයුමේදී සිදු කරන ප්‍රහාර තවත් දැඩිකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි,

ලෝක සෞඛ්‍ය සංවිධානය හා රතු කුරුස සංවිධානය මගින් තුවාල ලබන පිරිස් වලට ප්‍රතිකාර කිරීම දිගටම සිදු වන අතර රෝහල්වල සැපයුම් ද අවසන් වෙමින් පවතින බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...