අල්-මුෆ්ටි පාසලට ප්‍රහාරයක්!15ක් මිය යයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලය එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් 15 දෙනෙකු මිය ගොස් තිබෙන අතර, ගැටුම් හේතුවෙන් අවතැන් වූ පලස්තීනුවන්ට නවාතැන් ගැනීමට යොදාගත් මධ්‍යම ගාසා තීරයේ අල්-මුෆ්ටි පාසලටයි මෙලෙස ප්‍රහාර එල්ල කර තිබුණේ.

මේ අතර ගාසා හි නුසෙයිරාත් සරණාගත කඳවුරටද ඊයේ කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල වූ බව වාර්තා වේ.

අද දිනයේ පාසලට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලැබූ බවද වාර්තා වේ. ඊශ්‍රායල හමුදා මේ වනවිට ගොඩබිම් මෙහෙයුමක නිරත වන අතර එම මෙහෙයුමේදී සිදු කරන ප්‍රහාර තවත් දැඩිකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි,

ලෝක සෞඛ්‍ය සංවිධානය හා රතු කුරුස සංවිධානය මගින් තුවාල ලබන පිරිස් වලට ප්‍රතිකාර කිරීම දිගටම සිදු වන අතර රෝහල්වල සැපයුම් ද අවසන් වෙමින් පවතින බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්ගේ විරෝධය!

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව ICCPR පනත භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන්...

ඇල්ලේ බස් අනතුරින් මියගිය අය වෙනුවෙන් ලක්ෂ 10 බැගින් වන්දි

සටහන - රුවන් නෙළුගොල්ල ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24 කණුව...