රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15 , කොළඹ (LNW):
එළැඹෙන බ්රහස්පතින්දා (17) හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්රමසිංහ මහතා විශේෂ ප්රකාශයක් සිදුකිරීමට නියමිතය. ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්රමසිංහ මහතා ප්රසිද්ධ ප්රකාශයක් කරන පළමු අවස්ථාව මෙය වේ.
ඒ මහතා මෙම විශේෂ ප්රකාශය කරමින් රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට නියමිතව ඇති අතර , වික්රමසිංහ මහතා ඉදිරි මැතිවරණයට තරග නොකිරීමට මෙන්ම ජාතික ලැයිස්තුවෙන් ද පාර්ලිමේන්තුවට නොපැමිණීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වන නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සඳහා නායකත්වය ලබා දෙන බවට වාර්තා වේ.