අපේක්ෂකයින්ට අද මනාප අංක!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ (LNW):

අද (16) දිනයේදී පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

සියලු දිස්ත්‍රික්කවල මනාප ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති අතර එම මනාප ලැයිස්තු පරීක්ෂා කර දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යැවීමට පියවර ගෙන ඇති බව, එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේය.

අද (16) දින මහ මැතිවරණයේ එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි අවම මුදල ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරන බව සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

අද (16) මහ මැතිවරණයට අදාලව නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සියලුම සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හලාවත රෝහල තාවකාලිකව වසා දමයි

කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් හලාවත මහ රෝහල...

එකට නැගිටිමු: විපක්ෂය ආණ්ඩුවට සද්දයකුත් දමා පාර්ලිමෙන්තුවෙන් පිට වෙයි. රනිලුත් පක්ෂ නායක හමුවක් කඳවලා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය භේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබුණු පාර්ලිමේන්තු...

ප්‍රවේශම් වන්න : වසංගත රෝග අත ළඟ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW  මේ වන විට, ජල...

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : ශ්‍රී ලංකා ගුවන්...