සටහන – රුවන් නෙළුගොල්ල
හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා විසින් අද (17) දිනයේදී විශේෂ ප්රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.
ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්රමසිංහ මහතා ප්රසිද්ධ ප්රකාශයක් කරන පළමු අවස්ථාව මෙය වේ.
ඒ මහතා මෙම විශේෂ ප්රකාශයේදී රටේ දේශපාලන හැසිරීම් මෙන්ම තම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ද අනාවරණය කිරීමට නියමිතව බව සඳහන්.
රනිල් වික්රමසිංහ මහතා මෙවර මහමැතිවරණයට තරග නොකිරීමට මෙන්ම ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තු නොපැමිණීමට තීරණය කර සිටින අතර ගෑස් සිලින්ඩරය ලකුණින් මහමැතිවරණයට තරග වදින කණ්ඩායමට නායකත්වය ලබාදෙමින් සිටී.