අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අනාවරණයක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19 , කොළඹ (LNW):

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවතම අනාවරණයය අනුව, අන්තර්ජාල මූල්‍ය අපරාධවලට මෙටරදී හසුවී ඇති පුද්ගලයන්ගෙන් බහුතරය වැඩිහිටියන් බව සොයාගෙන ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගන්නා මෙරට වැඩිහිටි පුද්ගලයන් සමග ව්‍යාජ ආදර සම්බන්ධතා ඇතිකර ගනිමින් සයිබර් අපරාධකරුවන් එම වංචාවන් කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

‘‘චීනය, ඉන්දියාව, තායිලන්තය ආදී රටවල් රැසකින් සංචාරක වීසා මත මෙරටට පැමිණ රැඳී සිටින පුද්ගලයන් අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මුදල් වංචාවන් කර ඇති බව අනාවරණයවී තිබෙනවා. එම විදෙස් ජාතික සැකකරුවන් සහ ඔවුන්ගේ අපරාධවලට සහයෝගය දක්වන මෙරට සැකකරුවන් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය සහ දුරකථන ඇමතුම් ඔස්සේ හඳුනාගන්නා විවිධ පුද්ගලයන් හට මුදල් ආයෝජනය කිරීමට පොලඹවා මුදල් ලබාගැනීම සිදුකර තිබෙනවා’’

‘‘මෙම සයිබර් අපරාධකරුවන් අදාළ වංචාවන් කිරීම සඳහා පූර්ව සූදානම් කරගත් විවිධ භාෂාවන්, ඇමතුම් සංවාද, කෙටි පණිවුඩ යොමු කිරීම් ප්‍රධාන වශයෙන් සිදු කරනවා. එම අපරාධකරුවන් සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් වයස අවුරුදු 40 – 65 ත් අතර පසුවන මැදිවයසේ සහ වැඩිහිටි පුද්ගලයන් සමග ව්‍යාජ ආදර සම්බන්ධතා ඇතිකර ගනිමින්, එම විශ්වාසය මත විවිධ පැකේජයන් ලෙස මුදල් තැන්පත් කිරීමට පොලඹවා තිබෙනවා. එම පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වල තොරතුරු ඉතා සූක්ෂම අයුරින් ලබාගන්නා සයිබර් අපරාධකරුවන්, ගිණුම්වල පවතින මුදල් ලක්ෂ ගණනින් වංචා කර තිබෙනවා’’ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුර හෑගොඩයන් විසින් රචිත “හිමකැටි ආදරය” සමඟ ගෙවූ රසවත්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...