කැනඩාව ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් හය දෙනෙකු නෙරපා හරියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දීය රාජ්‍යතාන්ත්‍රිකයින් කැනඩාවේ මනුෂ්‍ය ඝාතන, මරණ තර්ජන සහ බිය ගැන්වීම්වලට සම්බන්ධ බවට එරට පොලිසිය විසින් විශ්වසනීය සාක්ෂි සොයාගනු ලැබූ බවට එරට අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ප්‍රකශ කිරීමත් සමඟ මෙවර ඔටාවා හි මහ කොමසාරිස් හා ටොරොන්ටෝ සහ වැන්කුවර් සිට පැමිණි තවත් 6 දෙනෙකු නෙරපා හැර ඇති බව වාර්තා වේ.

ඉන්දියාව විසින් සටන්කාමී බෙදුම්වාදී කණ්ඩායමකට නායකත්වය දුන් ත්‍රස්තවාදියෙකු වශයෙන් හඳුන්වන සීක් බෙදුම්වාදි නායකයකු වන හර්දීප් සිං නිජ්ජාර් පසුගිය වසරේ ඝාතනය කිරීමෙන් අනතුරුව මෙම දෙරට අතර විරසකය ඇති විය.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රක්ෂයක් නිකුත් කරමින් කැනේඩියානු විදේශ ඇමතිනි මෙලනි ජොලි සඳහන් කර තිබුණේ, අපි අපේ ඉතිහාසයේ කවදාවත් එහෙම දැකලා නැහැ. එම මට්ටමේ ජාත්‍යන්තර මර්දනය කැනේඩියානු භූමියේ සිදු විය නොහැකි බවත්, කැනේඩියානුවන්ගේ ජීවිත අවදානමට ලක් කරන විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින් කැනඩාව නොඉවසන බවත්ය.

මෙම චෝදනාවන් ඉන්දීය විදේශ අමාත්‍යංශය අභූත ලෙස ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් ප්‍රකාශ අකර තිබුණේ,කැනඩාවේ වැඩබලන මහ කොමසාරිස් සහ තවත් රාජ්‍ය තාන්ත්‍රිකයින් පස් දෙනෙකු නෙරපා හරින බවයි.

විදේශ භූමියේදී ඝාතනයක් සැලසුම් කරන බවට ඉන්දීය නිලධාරීන්ට චෝදනා කළ එකම රට කැනඩාව පමණක් නොවන අතර මේ වන විට එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිව් යෝර්ක් නගරයේ වෙසෙන සීක් බෙදුම්වාදී නායකයෙකු මරා දැමීමේ ව්‍යර්ථ කළ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ඉන්දීය රජයේ සේවකයෙකුට එරෙහිව ද අපරාධ චෝදනා ප්‍රකාශයට පත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...