*
Saturday, October 19, 2024
spot_img

Latest Posts

රට ගොඩනගන සැලසුම වැඩපිළිවෙළ හා දර්ශනය ඇත්තේ සමගි ජන බලවේගයට පමණයි!

කොළඹ LNW:රට ගොඩනගන සැලසුම වැඩපිළිවෙළ හා දර්ශනය ඇත්තේ සමගි ජන බලවේගයට පමණක් බව සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

එම සැලසුම් ක්‍රියාත්මක කළ හැකි දක්ෂ පක්ෂ හපන්කම් ඇති කණ්ඩායම සිටින්නේද සමගි ජන බලවේගයට බවත් තමා ඇතුළු සමගි ජන බලවේගයට ජනාධිපතිවරයා සමඟ එකට කටයුතු කළ හැකි බවත් පටු දේශපාලන අරමුණු නොව ලක්ෂ 220ක් ජනතාවගේ සිතුම් පැතුම් අපේක්ෂා තහවුරු කරන රටක් නිර්මාණය කළ යුතු බවත් ප්‍රේමදාස මහතා කියාසිටියේය.

මේ වැඩපිළිවෙළ තුළ එදිරිවාදිකම නොව සම්මුතිවාදය තුළින් රටට උචිත සංවර්ධනයක් හරහා රට ගොඩගත යුතු බවත් මෙය යුගයේ අවශ්‍යතාම බවත් හෙතෙම පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ රුවන්වැල්ල සම සංවිධායක නිහාල් ෆාරුක් මහතා විසින් සංවිධානය කර තිබූ ජන හමුවකට එක්වෙමිනි.

ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගය රට ගොඩනගන පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ අතර ඒ රට ගොඩනගන පැහැදිලි වැඩපිළිවෙළ තුළ මෙරට ජනතාවට ඉදිරිපත් කළ වැදගත්ම කාරණාව වූයේ අප රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ඒමට නම් ශක්තිමත් ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යායුතු බව යැයි ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන ලදී.

ආර්ථික වර්ධනය අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයක් විය යුතු බවත් මේ තුළ රටක් ලෙස විදේශීය විනිමය උපයා ගත හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේ ම සංචාරක කර්මාන්තය වැඩිදියුණු කර සේවා ක්ෂේත්‍රය දියුණු කර කෘෂිකර්මාන්තයෙන් දක්වන දායකත්වය වර්ධනය කළ යුතු බවත් ආර්ථික වර්ධනයකින් තොරව රටක් ලෙස ගොඩ ආ නොහැකි බවත් ආර්ථිකය වර්ධනය වීමට නම් ජනතාවගේ අතේ මුදල් ඇති ප්‍රමාණය වැඩි විය යුතු බවත් අතේ මුදල් ඇති විට ඉතිරි කර පාරිභෝජනය කර ආයෝජනය කර නිෂ්පාදනය කර අපනයනය කරන නිසා මේ පස්වැදැරුම් වැඩපිළිවෙළ හරහා ආර්ථිකය ගොඩගත හැකි බවත් මේ කටින් කියනවා සේම මහපොළොවේ ක්‍රියාත්මක විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තවද මෙරට තුළ නිෂ්පාදන කර්මාන්ත විප්ලවයක් ඇති කර නිෂ්පාදනය වැඩි කර ආදායම් මාර්ග වැඩි කර රැකියා වැඩි කර අසහනය අඩු කළ යුතු බවත් මේ වන විට ජනතාවට ජීවන බර වැඩි බවත් දුප්පත්කම නැතිබැරිකම වැඩි වී සලකවිද ගැටලුවලට විසඳුම් නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.

වැරදි ආර්ථික කළමනාකරණයක් නිසා නැවතත් රට ප්‍රපාතයකට වැටිය හැකි නිසා රටක් ලෙස 2028 සිට ණය ගෙවිය යුතු නිසා ඒ සඳහා විදේශ සංචිත ඇති බවත් 2028 ණය ගෙවීමට නම් ආර්ථිකය ප්‍රසාරණය කළ යුතු බවයි ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan