කුරුගලගේ හීන අපේ හිත් කූරු ගාන හැන්දෑවක් “හීන තුනේ කතන්දරය“

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 19, (LNW) කොළඹ :

පුබුදු සුභාෂණ කුරුගල ඇසට හුරු නැති කෙනෙකු විය හැකිය.ඇසින් අල්ලාගෙන හිතේ ගල්වා ගන්න දේවල්, කාලයත් එක්ක ඇඟෙ ගල්වන විලවුන් සුවඳක් සේ මැකී යන්නේය.හැබැයි පුබුදු ඇසට අල්ලා ගන්න ඉඩ අඩු, අල්ලා ගන්න කෙනාට හිතටම අහුවෙන,ඉනික්බිති හිතෙන් ගැලවී නොයන ශක්තිමත් පදාර්ථයක්ය.
හොරණ නාට්‍ය නඩය වෙනස් සංස්කෘතියක් සේ ලංකාවේ දෘශ්‍ය කලාව තුළ රෝපණය වී ඇති සොඳුරු පිරිසක්ය.ඒ සොඳුරු පිරිසේ අතීතයට සහ වර්ථමානයට එකම සේ සවිමත්ව බැදුණු,අනාගතයට ද ලියලන අතු රිකිලි දැකිය හැකි අයෙක් ලෙස පුබුදු සුභාෂණ කරුගල නම් කිරීම අසාධාරණ නැත.


මේ සිහිපත් කිරීමට හේතුව ද ඔහු අනාගතයට අත නොහැරිය හැකි මිනිසෙකු බවට සනාත කරන සිදුවීම් මාලාවක හීන එකට ගැට ගසා අප නෙතට රසඳුනක් සේ ද,හිතට ඔසුපැනක් සේ ද පුදදෙන සැන්දෑවක අසිරිය උදාවෙන බව කියන්නටය.එහි නම ද ‘හීන තුනේ කතන්දරය‘ ය.


රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ 2013 වර්ෂයේ හොඳම රචනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම සහාය නළුවා ඇතුළු සම්මාන රැසක් දිනාගත් ‘පාට තුනයි එකම මලයි‘ නාට්‍යය සහ 2016 වර්ෂයේ රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ සීමිත අංශයේ දී හොඳම රචනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම සහාය නළුවා, හොඳම වේදිකා අලංකරණය, හොඳම අංග රචනය, හොඳම රංග වස්ත්‍ර, හොඳම රංග වින්‍යාසය ආදී සම්මාන රැසක් දිනාගත් ‘වැට අද්දර වේදිකාව‘ නාට්‍යය මෙන්ම 2016 වර්ෂයේම රාජ්‍ය නාට්‍ය උලෙළේ විවෘත අංශයෙන් හොඳම නළුවා, හොඳම රචනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම රංග භූමි අලංකරණය, හොඳම රංග වින්‍යාසය ඇතුළු සම්මාන රැසක් දිනාගත් ‘ඇහැළ මලයි පිට්ටනියයි‘ යන ළමා නාට්‍ය ත්‍රිත්වය මෙ‍ෙස් ‘හීන තුනේ කතන්දරය’ නමින් ප්‍රසංගයක් ලෙස වේදිකාගත කරන්නට නියමිතය.

එම නාට්‍ය ත්‍රිත්වයම ‘හීන තුනේ කතන්දරය‘ නමින් ළමා නාට්‍ය ග්‍රන්ථයක් ලෙස එළිදැක්වීම ද එදිනම සිදුකිරීමට නියමිතය.


දිනය ඔක්තෝම්බර් 24 වන දා ය.තැන එල්ෆින්ස්ටන් රඟහලය.වේලාව පස්වරු 5.00.මේ හැන්දැවේ ඔබටත් නිදහසට අර්ථයක් රසවත්ම ආකාරයට දිය හැකි අවස්ථාවක් එල්ෆින්ස්ටන් රඟහල ලබා දෙනු නිසැකය.සමහර විට ඔබේ හීනය එහි තිබිය හැකිය.එසේත් නැත්නම් හීන පැල කරන බීජ හිතේ පැල කරගන්නට ලබා ගන්නට ද හැකිය.දරුවන්ට විශේෂිත වුව ද වැඩිහිටියන්ට ද රසය අඩු නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...