*
Monday, October 21, 2024
spot_img

Latest Posts

ඩක්වර්ත් ලුවිස් දුන් අපහසු ඉලක්කය පහසුවෙන් පසු කරයි

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 21, (LNW) කොළඹ :බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයේදී වර්ෂාව නිසා ශ්‍රී ලංකාවට ජය ගැනීම සඳහා අසීරු ඉලක්කයක් ලැබුණ ද,ශ්‍රී ලංකාව ඊට පහසුවෙන් ළඟා වුණා.කාසියේ වාසිය ලබා වර්ෂාව අත වනමින් තිබුණ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ වාසිය කොදෙව්වන් සතු කර ගත්තා.එහෙත් ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණිය සිතූ තරම් පහසුවෙන් ලකුණු අතරට ඒමට කොදෙව් ක්‍රීඩකයන්ට ඉඩ ලබා නොදී ලකුණු 100 ට කඩුලු 4 ක් දවා ගත්තත්,ඉනික්බිති පිටියේ එක් වූ ෂර්ෆේන් රදර්ෆර්ඩ් (නොදැවී 74) සහ රොස්ටන් චේස් (නොදැවී 33) වර්ෂාව පැමිණෙන විට කොදෙව් ඉණිම කඩුලු 4 ට ලකුණු 185 ද්කවා ඉදිරියට ගෙනවිත් තිබුණා.ඒ වන විට 39 වන පන්දු ඕවරයේ පන්දු 3 ක් යවා අවසන්ව තිබුණා.


වනිඳු හසරංග ඒ වන විට තමන් විසින් යැවූ පන්දු ඕවර් 6 ලකුණු 18 ට සීමා කර කොදෙව් කඩුලු 2 ක් ම අයිති කර ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පලදායීම පන්දු යැවීම කරමින් සිටියා.වර්ෂාව නිසා පැය ගණනකට වැසුණු තණතීරුව යළි විවෘත කර ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට පැවරුණු අභියෝගය පන්දු ඕවර් 37 දී ලකුණු 234 ක් වුණා.වැසුණු තණතීරුව නිසා පිතිකරණයේ දී පන්දු යවන්නන් ගැන එක් කළ යුතු වැඩි අවධානය සහ පහරදීමේ අවදානම ද සමඟ ශ්‍රී ලංකාවට මෙය පහසුවෙන් ළඟා විය හැකි ඉලක්කයක් ලෙස සිතන්නට අසීරුයි.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් හී පල්ලේකැලේ ක්‍රීඩාංගණ සේවකයන් විසින් පිටිය නිසි ලෙස ආවරණය කිරීම මෙන්ම ජලය බැස යාමේ පද්ධතියේ නිසි කළමණාකාරීත්වය නිසාම පහර දෙන පන්දුව පිටියේ ගමන් කිරීමට බාධාවක් ඇතිව තිබුණේ නැහැ.මේ වාතාවරණය තුළ සිය මංගල ජාත්‍යන්තර එක්දින ඉණිම හැඩ කළ නිශාන් මධුශ්ක පන්දු 54 දී ලකුණු 69 ක් ලබමින් වගකීම් සහගත ඉණිමක් දියත් කරමින් ධෛර්යවන්ත ආරම්භයක් ලබා දුන්නා.එසේම ඔහු සිව්වැන්නා ලෙස දැවී යද්දී කණ්ඩායමේ ලකුණු තත්ත්වය පන්දු ඕවර් 24.4 දී ලකුණු 182 ක් දක්වා ගෙන එන්නට දායකත්වය ද ලබා දී තිබුණා.එසේම ශ්‍රී ලංකාව වෙනුවෙන් ජයග්‍රාහී ඉණිම දියත් කරමින් තරගයේ වීරයා බවට පත් වුණ නායක චරිත් අසලංක (77) සමඟ මධුශ්ක සිව්වන කඩුල්ලට වේගවත් ලකුණු 137 ක සබඳතාවයක් එකතු කරන්නටත් දායක වුණා.

ලකුණු 45 ට කඩුලු 3 ක් දැවුණු තැන පිටියට පිවිස එහි පීඩනය දරා ගන්නා අතරම,කොදෙව්වන් දෙසට පීඩනය හරවා යවන්නටද සමත් වූ චරිත් අසලංක පන්දු 71 දී ලද ලකුණු 77 සමඟ ලකුණු පූවරුව 187 ක් ව තිබියදී පිටියෙන් ඉවත්ව යනවා.ඒ වන විට පන්දු ඕවර 10 ට වැඩි ගණනකදී ලකුණු 47 ක් වූ පහසු ඉලක්කයට එතරම් කාලයක් වැය නොකරන කමිදු මෙණ්ඩිස් (30) සහ ජනිත් ලියනගේ (18) අවශ්‍යය ඉලක්කයට ළඟා වීමට ලබා දී තිබූ පන්දු ප්‍රමාණයෙන් පන්දු 31 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සහතික කරනවා.පන්දු යැවීමේදී ගුඩාකේස් මෝටි ලකුණු 47 ට ශ්‍රී ලංකාවේ දැවී ගිය කඩුලු 5 න් 3 ක්ම හිමි කර ගනිමින් තමන්ගේ පන්දු ප්‍රෙව්ශමෙන් පරිහරණය කළ යුතු බව පැහැදිළි කරනවා.
තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකියි.

https://es.pn/48mN13d

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan