හෙට එළියට එන ගම්මන්පිලගේ පාස්කු වාර්තාව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20,කොළඹ (LNW):

හෙට (21) දිනයේ දී තමා සතුව පවතින පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාව සමාජයට ඉදිරිපත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියා සිටී.

කෙසේ වෙතත් 2021 වසරේ දෙවන මස 19 වන දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පාස්කු ප්‍රහාරය පිළිබද නිකුත් කෙරුණු මුල් ජනාධිපති වාර්තා පිළිබදව සොයා බැලීම සදහා හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ අතර උදය ගම්මන්පිල මහතා එම කමිටුවේ ද සාමාජිකත්වය දරණු ලැබීය.

අදාළ කමිටුව විසින් එම වර්ෂයේම අප්‍රේල් මස 5 වනදා අදාළ වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යනයකොට ජනාධිපතිවරයා වෙත නිර්දේශ ලබාදී තිබූ අතර, ඔවුන්ගේ පාලන සමයන් හිදී උදය ගම්මන්පිල මහතා ඇතුළු පුද්ගලයින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විමර්ශන කටයුතුවලට දායක වුවද, තවමත් ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටුවී නොමැති බවට චෝදනාද එල්ල වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූති ප්‍රහාර මැඩපැවැත්වීමට සෞදි අරාබියට බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක හමුදා සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: යේමනයේ හූති සටන්කාමීන්ගෙන්...

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...