රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21,කොළඹ (LNW):
අද උදේ 7. 30 ට පමණ, කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්රා දෙකක් ගිණිගෙන දැවී ඇතැයි පොලිසිය පවසයි. ගින්න හට ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව සඳහන් වේ.
අනෙක් ධීවර යාත්රාවලට ගින්න පැතිර යාම වැලැක්වීමට ධීවරයින් කටයුතු කරමින් සිටින බවත්, ධීවර යාත්රා කුඩාවැල්ලේ පදිංචි ජයන්ත ජයවීර නමැති අයට අයත් බව පොලිසිය පවසයි. තංගල්ල මූලස්ථාන පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන බව සඳහන් වේ.