වෛද්‍ය චමල් සංජීවට අදාළ පැමිණිල්ලක් පෙබරවාරි 10 වනදා කැදවීමට නියෝග!

0
500

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21,කොළඹ (LNW):

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල්වඩමක් තැබූ බව කියන සිද්ධියට අදාළව, වෛද්‍ය චමල් සංජීව මහතාට අදාළ පරීක්ෂණයක් සදහා නීතිපති උපදෙස් ලබාගැනීමට කටයුතු කර ඇති බව පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අද (21) දින මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදීය. එහිදී සැකකාර වෛද්‍ය චමල් සංජීව මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටි බවද සඳහන් වේ.

කුරුදුවත්ත පොලීසියේ නිලධාරීන් ඉල්ලා සිටි ඇත්තේ,නීතිපති උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සදහා දිනයක් ලබාදෙන ලෙස වන අතර, ඒ අනුව අදාළ පැමිණිල්ල පෙබරවාරි 10 වනදා කැදවීමට නියම කෙරුණු බව වාර්තා වේ.