ශ්‍රී ලංකාවට සිව්වන ජයත් පහසුවෙන් – ශ්‍රී ලංකාවේ සචිනි සහ ජපානයේ තිළිණි අනපේක්ෂිතව ගැටී සචිනි තරගයෙන් ඉවතට,

Date:

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 22, (LNW) කොළඹ : ආසියානු නෙට්බෝල් සූරතාවලිය සඳහා සටන් වඳින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සිය සිව්වන ජය වාර්තා කරනු ලැබුවා.ඒ ජපානයට එරෙහිවයි.ශ්‍රී ලංකාවේ ක්‍රීඩා රටාවේ වේගවත් බව අභිබවා ගොස් ජපානය තමන්ගේ තරග රටාවේ මන්දගාමී ස්වරූපයට පන්දුව ගනිමින් සහ ,ශ්‍රී ලංකාවේ ආවරණ කළාප මඟ හැර ඉදිරියට යාම සඳහා විශාල කාලයක් ගත කරමින් උත්සාහ දැරිම නිසා මෙම ජයග්‍රහණයේ අවසන් ලකුණු සටහන 85 – 18 ක් ලෙස දැක්වුණත්,ජපන් කණ්ඩායම තරගයට ඇතුළත් කළ එම මන්දගාමී ස්වරූපය නොවිණිනම්, මේ ජයග්‍රහණය මීටත් වඩා පුළුල් ජයක් වන්නට තිබුණා.

මෙම තරගයේදී ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකාවක් වන තිළිණි පෙරේරා ජපානය නියෝජනය කිරීම කැපී පෙණුන සිදුවීමක් වුණා.ඇය ජපාන කණ්ඩායමේ දැල විඳින්නිය ලෙස තරගයට එක්ව සිටි අතර තරගයේ එකඳු ලකුණක් හෝ වාර්තා කිරීමට පෙර ඇය හා ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙන්ටර් ක්‍රීඩිකා සචිනි රොඩ්‍රිගෝ ගේ සිරුරු එකිනෙක ගැටීමෙන් සචිනි යම් ආබාධයකට ලක් වුණා.දරු ප්‍රසුතියෙන් සුළු කාලයකට පසුව තරග බිමට පිවිස සිටින තිළිණි,ඇයගේ සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවා යන බරක් සහිත වීමත්,සචිනි සිරුරෙන් කුඩා ක්‍රීඩිකාවක නිසාත් එම ගැටුමෙන් ඇති වී ඇති ආබාධය කිනම් ආකාරයකට බලපානු ඇද්දැයි කීමට බැහැ.

ක්‍රීඩිකාවන් දෙදෙනා අනපේක්ෂිතව එකිනෙකා ගැටීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මත අනපේක්ෂිත බරක පැටවුණ බව දැනෙන්නට තිබුණා.මේ තත්ත්වය මත පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවට වාර්තා කිරීමට හැකි වුණේ ලකුණු 16 ක් පමණක් වූ අතර ජපානය ද ලකුණු 6 ක් ලබා ගන්නට සමත් වුණා.එහෙත් දෙවන වටයේ සිට නැවත මනසින් යථා තත්ත්වයට පත් ශ්‍රී ලංකාව ජපානය විසින් තරගය තුළ ඇති කරන තමන්ට නුහුරු මන්දගාමී ස්වරූපයේ සිරවී සිටියත් ඉතිරි වට තුනේම එක් කාර්තුවකට ලකුණු 23 බැඟීන් රැස් කළා.

ශ්‍රී ලංකාවට එරෙහිව දෙවන,තෙවන සහ සිව්වන කාර්තුවලදී ජපානය ලකුණු ලබා ගත්තේ ලකුණු 5,1 සහ 6 ක් ලෙසයි.මේ තරගාවලියේ දී තරගයක වැඩි ලකුණු ලබා ගැනීමට වඩා අවසාන ඉලක්කය වන ආසියානු කුසලානය ඉලක්ක කර ගනිමින් ක්‍රීඩා කරන බවක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දකින්නට ලැබෙන අතර ඔවුන් තවමත් තමන්ගේ දක්ෂතම ක්‍රීඩිකාවන් සහිත හත් දෙනා එකවර යොදන්නට ක්‍රියා කරන බවක් තවමත් පෙනෙන්නටත් නැහැ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයෙන් මන්ත්‍රීලා ගන්නේ අත උස්සන්න විතරයි. තීන්දු ගන්න බලයක් දෙන්නෑ. 69 ලක්ෂය වගේ තමා – ඇමති ප්‍රසන්න

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සම්බන්ධ...

විදේශ සංචාර චෝදනා ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

2023 සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ කළ...

උතුරේ ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

උතුරු පළාතේ පිහිටි, හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...