අද (22) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (22) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවල මි.මී.75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: බිඳවැටීමේ සිට පුනර්ජීවනය දක්වා වූ ගමන…

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : පුවත ඇසීමට මෙතනින්...