ශ්‍රී ලංකාවට අදක්ෂකම නිසාම සිඳු නොවුණු පරාජයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 22 ,(LNW) කොළඹ :

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ගෝල ලබා ගැනීමට යාමේදී දක්වන නොසැළකිලිමත්කම හෝ නො‘ඉවසීම නිසාදෝ ගෝල සීමාව ආසන්නයේ සිඳු නොවිය යුතු දේ සිඳු වීම නිසා,ලබා ගැනීමට තිබුණු ගෝල කිහිපයක්ම අහිමි කර ගනු ලැබුවා.එහෙත් භූතානය එම අවස්ථාවන් නිසා ලෙස කළමණාකරණය කර ගනිමින් ඉවසීමෙන් කටයුතු කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල 4 ක් ලබා ගන්නට සමත් වුණා.එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ගෝලයක් බවට පත් කරන්නට ලැබුණේ එකම පහරක් පමණයි.එම අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා තුෂානි මධුශිකා පමණයි.

තරගයේ ආරම්භයේ දී ම ගෝලයක් ලබා ගැනීමට දැල විවාත වූ මොහොතකත්,ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ගෝලයක් ලබා ලකුණු ලැබීම ආරම්භ කරන්නට තිබුණු අවස්ථාවක් එම මොහොත නිවැරදිව කළමණාකරණය කර නොගැනීම නිසා අහිමිව ගියා.එහෙත් ඊට සුළු මොහොතකට පසුව ගෝලය ආසන්නයේම ප්‍රහාරයකට ලැබුණු ඉඩ වඩාත් හොඳින් භූතානය කළමණාකරනය කර ගනිමින් සිය පළමු ගෝලය ලබා ගන්නට සමත් වුණා.එම ගෝලයත් සමඟ ලබා ගත් ගෝල හතරෙන් දෙකක්ම රැස් කළ සහ පන්දු පාලනයේ දී මෙන්ම හුවමාරුවේදීත් කැපී පෙණුන අංක 9 ක්‍රීඩිකා ඩෙකී ලාෂොම් තරගයේ වීරවරිය වන්නද සමත් වුණා.


ශ්‍රී ලංකාව වාර්තා කරල ලද ගෝලයේ දී ද ප්‍රවීනා පෙරේරා සහ මධුශිකා අතරත් අවසානයේ සිවනේස්වරන් තර්මිකා සහ මධුශිකා අතරත් පන්දුව හුවාමරු වීමේ සාර්ථකත්වය දකින්නට ලැබුණා.

තරගය පුරාම මේ සංයමය සහ පාලනය තබා ගැනීමට හැකි විණිනම් ශ්‍රී ලංකාවට භුතානයට වඩා ගෝල ලබා ගැනීමේ සහ ජය ගැනීමේ හැකියාව තිබුණා.එසේම ගෝල ලබා නොදීමේ කාර්යයේදී ද ශ්‍රී ලංකා දැල රකින්නිය වන අයෝමි වීරසිංහට ට වඩා අත්දැකීම්වලින් සහ දක්ෂතාවයෙන් ඉහළ භූතාන දැල රකින්නිය ඉදිරියෙන් සිටියා.

සංගීතා මොන්ගර්න නම් වූ ඇය මෙම තරගාවලියේ දී භූතානය සහභාගි වූ පළමු තරගයේදී තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද ගෝල රැකීමේ හැකියාව නිසා ඇගයීමට ලක් වුණා.


සංගීතාගේ හැකියාව සහ නේපාල ක්‍රීඩිකාවන්ගේ ප්‍රහාරාත්මක ගුණය ගැන තව දුරටත් සාක්සි සපයමින් නෝපාලය ඊයේ මාල දිවයිනට එරෙහිව ගෝල 11- 0 ක දැවන්ත ජයක් වාර්තා කරන්නට සමත් වුණා.ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තේරීම ගැන ද ගැටළු පැවතුණත්,මේ දක්වා ඔවුන් ක්‍රීඩා කරන ආකාරය අයහපත් නොවන බව කිව යුතුයි.එහෙත් තව දුරටත් සංයමයක් සහිතව ගෝලයක් බවට පන්දුව පත් කිරීම දක්වා අවශ්‍යය ඉවසීම මද කම දක්ෂතාවයට වඩා අසාර්ථක වීමට බලපාන බව තේරුම් ගත හැකිනම් ඉදිරියේ දී මීට වඩා හොඳ ප්‍රතිපලවලට ළඟා වීමට හැකි වෙනු ඇත.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...