විමල්ලා අස් කරන්නෙත් නෑ අස් වෙන්නෙත් නෑ මෙයාලා විනෝද සමයෙ තුන්කට්ටුව වගේ ! (Video)

Date:

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම ආරක්ෂා කිරීමට යම් ඇමතිවරයෙකු අසමත් වන්නේ නම් එවැනි ඇමතිවරුන් ඉවත් කිරීමේ සම්පූර්ණ බලය කැබිනෙට්ටුවේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා සතු වගකීමක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. කෙසේ නමුත් ජනාධිපතිවරයා ප්‍රකාශ නිකුත් කිරීම හැර එවැනි ඇමතිරුන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් පෙනෙන්නට නොමැති බවද මන්ත්‍රීවරයා පවසනවා.

අනෙක් පැත්තෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර වැනි ඇමතිවරුන්ද මාධ්‍ය වෙත විවිධ ප්‍රකාශ නිකුත් කරන නමුත් කොන්ද කෙලින් තබාගෙන ඇමති ධුරවලින් ඉවත් නොවන බවද මුජිබර් රහුමාන් මහතා පවසනවා. යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් දැනුවත් නොකර ජනාධිපතිවරයා හිතුමතේ තීරණ ගෙන ඇති නම්, එම තීරණයට එකඟ නොවන්නේ නම් කළයුතු සරළම දේ ඇමති ධුරවලින් ඉවත් වී විරෝධය පළකිරීම බවද මන්ත්‍රීවරයා පවසනවා.

අවසානයේදී මෙයද ජනතාවට විහිළු සපයන විනෝද සමය වැනි විහිළුවක් බවට පත්ව ඇති බවත් තවත් බයිස්කෝප් එකක් පමණක් වී ඇති බවත් ඔහු පවසනවා. ජනතාව විවිධ ප්‍රශ්නවලින් මිරිකෙමින් සිටියදී බැරෑරුම් ප්‍රශ්න රැසකට මුහුණදී තිබියදී එම ගැටලු විසඳීම පසෙක තබා ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය රටටම විහිළු සපයමින් සිටින බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...