චීන ජනපති රුසියාවට!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (22) රුසියාවේ Kazan නගරයට ළඟා වුණා. ඒ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගේ ආරාධනයට අනුව බ්‍රික්ස් නායකයින්ගේ 16 වන සමුළුවට සහභාගී වීම සඳහායි. එම සමුළුව අද(22) සිට ලබන 24වැනිදා දක්වා පැවැත්වෙනවා.

2024 වසර‘පුළුල් බ්‍රික්ස් සහයෝගීතාවයේ’නව ආරම්භක වසර ලෙසයි හැඳින්වෙන්නේ. එමෙන්ම මෙවර සමුළුව බ්‍රික්ස් සාමාජික රටවල් සංඛ්‍යාව පුළුල් කිරීමෙන් පසු පැවැත්වෙන ප්‍රථම සමුළුව වීම ද විශේෂත්වයක්.

30කට වැඩි රටවල හා ජාත්‍යන්තර සංවිධානවල නායකයෝ එහිදී සංවර්ධනය පිළිබඳ පොදු සාකච්ඡාවල නිරත වීමට සූදානම් බවයි චීන මාධ්‍ය සමූහය වාර්තා කරන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...