ලලිත්ට කූගන්ට යුක්තිය ඉටුවිය යුතුමයි !

Date:

ලලිත් කියන්නෙ වතු පවුලක ඉපදුන අහිංසක කොල්ලෙක්.. ප්‍රචණ්ඩ දේශපාලනක් තියා සතෙකුට ගලකින් ගහන්නවත් හිත හයිය නැති එකෙක්.. කවදාවත් පෙරහරේ නොගිය, කොට ඇද්ද එකෙක්… එහෙම එකෙක් හිටියා කියලා සමාජෙ දන්නෙත් අතුරුදන් උනාට පස්සෙ..

ඔහු අතුරුදන් වූ කාලයේ මොන යුද්ධයක්වත් රටේ තිබුනේ නෑ.. නමුත් ඒ කාලේ යාපනේ හැම තැනම වගේ හමුදා කඳවුරු තිබ්බා.. ඔහු ජ.වි.පෙ.වැඩ කළ කාලයේ ඉඩ ලැබුන වෙලාවල්වල කීප විටක්ම මමත් ඔහු සමඟ යාපනේ, කිලිනොච්චි, ප්‍රදේශ වලට ගියා.. ඒ යුද්ධෙන් අනාථ උන සිවිල් මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් ආපහු අටවගන්ට දෑතෙ හයියෙන් උදවු කරන්ට.. ඒකාලෙත් කීප විටක්ම අපිට ආමි කෑම්ප්වලට ඇවිත් තොරතුරු දෙන්ට කියලා දන්නලා තිබ්බා…

කූගන් කියන්නෙ කලින් දමිළ දේශපාලන ව්‍යාපාරයක වැඩකරලා පස්සෙ ජ.වි.පෙ.එක්ක එකතු උන කෙනෙක්.. තමන්ගේ මහන්සියෙන් කීයක් හරි හොයාගෙන දරුපවුලක් නඩත්තු කරපු වර්ගවාදය ගෑවිලවත් තිබ්බෙ නැති දුප්පත් මිනිහෙක්..

මේකට යුක්තිය ඉෂ්ඨ වෙන්ට ඕන..!

විශේෂයෙන්ම ජ.වි.පෙ. ආන්ඩුවක් පත්වෙලා තියෙන මේ වෙලාවේ මේ අවනඩුවට යුක්තිය ඉෂ්ට වෙන්ට ඕන.. !

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...