රුසියාවේ නාවික ප්‍රහාරකයා මුහුදු බත් වෙයි!

0
926

පසුගියදා පිපිරීමක් හේතුවෙන් හානියට පත් වූ රුසියානු යුද නෞකාව ගිලී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබේ.

යුක්‍රේනයට එරෙහිව කළු මුහුදේ නාවික සටන් වල පෙරමුණේ සිටි මෙම මොස්ක්වා නෞකාව වරාය වෙත අදිමින් සිටියදී කුණාටුවකට හසු වීම නිසා එලෙස ගිලී ගොස් ඇති බව සඳහන්.

කාර්ය මණ්ඩල 510ක ප්‍රමාණයක් සහිත මිසයිල ප්‍රහාර එල්ල කළ හැකි නෞකාවක් ලෙසයි එය ප්‍රසිද්ධ වී තිබුණේ.

නෞකාවේ සිටි කාර්ය මණ්ඩල එම අනතුරින් මුදවා ගෙන ඇති අතර නෞකාවට එල්ල වූ ප්‍රහාරයක් ගැන රුසියාව සහතික කර නැති නමුත් එහි තිබුණු පතරෝම්වල පිපිරීමක් හේතුවෙන් හට ගත් ගින්නක් නිසා මෙම අනතුර සිදුව ඇති බවටයි ඔවුන් පවසන්නේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here