රු.20,000ක අල්ලසක් ඉල්ලූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ගම්පොළදී අත්අඩංගුවට!

Date:

කොළඹ LNW: ගම්පොළ ප්‍රදේශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් 20,000.00ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.

ගම්පොළ, ඉල්ලවතුර ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවඑම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර ඊයේ (23) ප.ව.5.25ට පමණ ගම්පොළ නගරය ආසන්නයේ නුවරඑළිය පාර පිහිටි ආපන ශාලාවක් තුළ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...