කෘෂිකර්ම, අධ්‍යාපන හා සංස්කෘතික අංශයන්හි ශ්‍රී ලංකා – මියන්මාර සහයෝගීතාව ඉහළට!

Date:

කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මියන්මාර තානාපති මාලර් තන් ටයික් මහත්මිය අතර හමුවක් අද (25) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.

එහිදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් තානාපතිවරියව දැනුවත් කර ඇති අතර සංචාරකයින්ගේ හා පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවට ජනාධිපතිවරයා සහතික වී තිබෙන බවයි මෙම හමුව සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

කෘෂිකර්ම,අධ්‍යාපන හා සංස්කෘතික අංශයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ වැදගත්කම මියන්මාර තානාපතිනිය විසින් පෙන්වා දී ඇත.

මේ අතර මිනිස් ජාවාරම්කරුවන් විසින් මියන්මාරයේ රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් නිදහස් කරගැනීම වෙනුවෙන්ද ජනාධිපතිවරයා විශේෂ අවධානයක් යොමුකරමින් දීර්ඝ ලෙස ඒ ගැන සාකච්ජා කර තිබේ.

ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවතින වසර 75ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව සහ දීර්ඝ කාලීන සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට මියන්මාර රජය කැප වී කටයුතු කරන බවද තානාපතිවරිය පවසා ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පන්ජාබය එකම ජලාශයක් බවට පත්වේ; ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන්

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දින ගණනාවක්...

අපරාධ මඩින්න සිවිල් කාර්ය බළකායෙන් 20,000ක් පොලීසියට!

කොළඹ LNW:අපරාධ මැඩලීම සහ පොලීසියට සහයක් වශයෙන් සිවිල් කාර්ය...

කෙහෙල්බද්දර පද්මේගේ අයිස් අමුද්‍රව්‍ය හංගාගෙන සිටි පොහොට්ටු හිටපු මන්ත්‍රී අත්අඩංගුවට!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...