කෘෂිකර්ම, අධ්‍යාපන හා සංස්කෘතික අංශයන්හි ශ්‍රී ලංකා – මියන්මාර සහයෝගීතාව ඉහළට!

කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මියන්මාර තානාපති මාලර් තන් ටයික් මහත්මිය අතර හමුවක් අද (25) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.

එහිදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් තානාපතිවරියව දැනුවත් කර ඇති අතර සංචාරකයින්ගේ හා පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවට ජනාධිපතිවරයා සහතික වී තිබෙන බවයි මෙම හමුව සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

කෘෂිකර්ම,අධ්‍යාපන හා සංස්කෘතික අංශයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ වැදගත්කම මියන්මාර තානාපතිනිය විසින් පෙන්වා දී ඇත.

මේ අතර මිනිස් ජාවාරම්කරුවන් විසින් මියන්මාරයේ රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් නිදහස් කරගැනීම වෙනුවෙන්ද ජනාධිපතිවරයා විශේෂ අවධානයක් යොමුකරමින් දීර්ඝ ලෙස ඒ ගැන සාකච්ජා කර තිබේ.

ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවතින වසර 75ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව සහ දීර්ඝ කාලීන සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට මියන්මාර රජය කැප වී කටයුතු කරන බවද තානාපතිවරිය පවසා ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...