බඩී සමුගනී ….

සංවේගයෙන් දැනුම් දීමයි

එංගලන්තයේ කින්ග්ස්බරි නගරයේ නොම්බර 5 බේකන් මාවතේ පදිංචිව සිටි ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරියෙකුවූ තුෂාර රනසිංහ මහතා 2022 අප්‍රේල් 15 වන දින අප අතරින් වියෝවූ බව සංවේඟයෙන් දැනුම් දෙමු.

1971 අගෝස්තු මස 5 වන දින උපත ලද තුෂාර රණසිංහ මහතා මහනුවර සාන්ත අන්තෝනි විදුහළෙන් සිප් සතර හදාරා 1990 දී ලංඩන් නුවර සවුත් බෑන්ක් විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉන්ජිනේරු උපාධිය ලබාගත්තේය. පසුව තම පියානන්වූ නැසීගිය නීතිඥ පරාක්‍රම රණසිංහ මහතාගේ මග ඔස්සෙ යමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්සත් රාජධානී ශාඛාවට බැදුනු තුෂාර රණසිංහ මහතා එහි විධායක කමිටුව නියෝජනය කලේය. පසුව පොදු ජන පෙරමුණේ එක්සත් රාජධානි ශාඛාවෙ නියෝ‌ජ්‍ය සභාපති පදවිය අප අතරින් වෙන්වෙන තුරුම හෙබවිය.

එමෙන්ම එක්සත් රාජධානියෙ වාර්ශිකව පැවැත්වෙන විශාලතම ලාංකික ක්‍රිකට් සැණකෙළිය වන ෆෙස්ටිවල් ඔෆ් ක්‍රිකට් තරගාවලියට මහනුවර කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහළ නියෝජනය කරන නියෝජිතවරයා ලෙස අඛණ්ඩව වසර ගනනාවක් තුෂාර රණසිංහ තම සේවය සපයා ඇත.

රග්බි සහ ක්‍රිකට් ක්‍රීඩාවන්ට ඉමහත් ඇල්මක් දැක්වූ ඒ මහතා එම ක්‍රීඩාවන් සදහා දක්ෂතා දැක්වූවෙකු ලෙසද ප්‍රකටය. ඔහු රග්බි ක්‍රීඩාව වෙනුවෙන් තම පාසල වු මහනුවර කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලද නියෝජනය කලේය.

එමෙන්ම එක්සත් රාජධානියේ සාන්ත අන්තෝනි විදුහළේ ආදි ශිෂ්‍ය සංගම් කංඩායම, MTSSC ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකන් කැවලියර්ස් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් කලක් තම ක්‍රීඩා කටයුතු වල නියැලීය.

මිය යන විට වයස 51 ක් වූ තුෂාර රනසිංහ මහතා දූවරුන් දෙදෙනෙකුගේ පියෙකි.

ඒ මහතාට අති උතුම් වූ නිවන් සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

~ මීට සංවේගයට පත් එක්සත් රාජධානි මිතුරු කැල.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...