*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

ඉතිහාසය නැවත ලියමින්, මැති සබයට හටන් කරන්න සමාජභාවය බාධාවක්කර නොගත් චානු!

ඉසුරු පරාක්‍රම

ඔක්තෝබර් 27, කොළඹ (LNW): තමා මෙවර මහ මැතිවරණය සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බව, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ කාන්තා කටයුතු පිළිබඳ ලේකම් චානු නිමේෂා මාධ්‍ය වෙත නිවේදනය කරනු ලැබුවේ ඊයේ (26) දිනයේ ය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ පවත්වන මැතිවරණයක් සඳහා සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවයක් පවතින පුද්ගලයකු තරඟ වදින පළමු අවස්ථාව මෙය වෙයි.

ශ්‍රී ලංකාවේ ජීවත්වන විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ දේශපාලන නියෝජනය ඉතිහාසයේ සිට මේ දක්වා තිබුණේවත් නැති තරම් ය. එවන් පසුබිමක, චානු නිමේෂා තම අනන්‍යතාවයේ සිට මහ මැතිවරණය සඳහා තරඟ වැදීම ඈ විශ්වාසකරන දේශපාලන ධාරාවේ මෙන්ම, ජාතික දේශපාලන සංවාදයේ අමතක නොකළයුතු සංදිස්ථානයකි.

මේ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් චානු පවසා සිටියේ, මහ මැතිවරණය සඳහා තරඟ වැදීමට අවස්ථාව ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයට තමා සිය ස්තූතිය පළකරන බවයි.

චානුගේ දේශපාලන ගමන හා භාවිතාවතුළ ඇගේ නියෝජනය හුදෙක් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට පමණක් නොව සමස්ත විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව වෙත ම ආදර්ශයක් සපයයි. 

වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාරව, ලිංගිකත්වය, සමාජභාවය මත පදනම්ව වෙනස්කොට සැලකීම් සිදුනොවිය යුතු බවත්, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා ප්‍රතිපාදන සපයන බවත් සඳහන්ව ඇති මෙන්ම, වත්මන් රජය බලයට පත්කිරීම සඳහා විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවගේ සක්‍රීය මැදිහත්වීම සිදුවූව ද, මෙරට නීති සම්පාදනය කිරීමේ බලය පවතින උත්තරීතර පාර්ලිමේන්තුවට, හෝ වෙනත් ආයතනයකට තරඟ කිරීම සඳහා සිය විවිධ ලිංගික අනන්‍යතාවය විවෘතව ප්‍රකාශකළ පුද්ගලයකු මේ වන තෙක් දේශපාලනික ව ඉදිරිපත් වී නොමැත.

ලිංගික දිශානතිය හෝ සමාජභාවී අනන්‍යතාවය පෞද්ගලික කරුණක් වූව ද, එහි කලඑළිභාවය ජනතාවට දැකගැනීමට සැලැස්වීම දේශපාලනික වශයෙන් පමණක් නොව, සමාජීය හා සංස්කෘතිකමය වශයෙන් විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව මහපොළවතුළ මුහුණ දෙනු ලබන අභියෝග හා ඔවුන් අවවරප්‍රසාදයට ලක්වීම ආමන්ත්‍රණය කිරීම සඳහා පවතින වැදගත් අවශ්‍යතාවයකි. 

මෙවර මහ මැතිවරණය සුවිශේෂීවනු ලබන්නේ එකී ඇතුළත්භාවය ආමන්ත්‍රණය කරමින් පාර්ලිමේන්තුව සඳහා තරඟ වදින අපේක්ෂකයන් පිරිසක් බිහි ව සිටීම නිසා ය.

චානුගේ දේශපාලන ස්ථාවරය පළමු වරට ප්‍රධාන ධාරාවේ මාධ්‍යතුළ දැකගැනීමට හැකි වන්නේ පැවති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ හටගත් ආර්ථික අර්බුදයෙන් මතු වූ අරගලය ව්‍යාපාරය තුළිනි. වසර දෙක හමාරක් මුළුල්ලේ අනේකවිධ අර්බුදවලට මුල පුරමින් මතු වූ ආර්ථික අර්බුදය 2022 වසරේ පිපිරී යන්නේ, මෙරට ජනාධිපතිවරයකු ජනතා හඬින් පිටමංකර දැමූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ය. මෙම ව්‍යාපාරයතුළ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවගේ හඬ ද කැපී පෙනෙන අයුරින් දැකගැනීමට හැකි වූ අතර, ඊට නායකත්වය සැපයීමට ඉදිරිපත් වූ චරිත අතර, චානු හුරුපුරුදු මුහුණක් විය. 

මීට ප්‍රධානතම හේතුව වූයේ 2022 ආර්ථික අර්බුදය විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව ඇතුළු සෑම ජන කොට්ඨාශයකටම පාහේ එක හා සමානව බලපෑමයි.

මෙරට ජීවත්වන ජනතාවගේ දෛනික ජීවිතවලට බලපාන තීන්දු තීරණ ගනු ලබන්නේ රජයක් විසින්වන අතර, එකී තීන්දු තීරණ සම්මත කරන්නේ හෝ ප්‍රතික්ෂේප කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක්තුළ පාර්ලිමේන්තුව විසිනි. විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවට ඉතා අහිතකර අන්දමින් බලපානු ලබන ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ හඳුන්වාදුන් එකක්වන අතර, ඔවුනට අහිතකර අන්දමින් බලපානු ලබන නීති සංශෝධනය කිරීමට හෝ ඉවත් කිරීමට මෙකී උත්තරීතර සභාව හෘද්‍යාංගම ව කටයුතු කර තිබෙන්නේ දැයි අප විසින් ප්‍රශ්නකළ යුතු ව ඇත.

විවිධ අවස්ථාවන්හී දී මෙවන් නීති සංශෝධනය කිරීම සඳහා විවිධ ආකාරයේ ධනාත්මක යෝජනා ඉදිරිපත් වූව ද, ඊට එරෙහිවන සමරිසි-සංක්‍රාන්තිභීතික දේශපාලන බලවේග අදටත් විවිධ මට්ටමින් ක්‍රියාත්මක වීම කණගාටුවෙන් වූව ද සඳහන්කළ යුතු කරුණකි. 

චානු මැති සබයට තරඟ වැදීම සුවිශේෂී වන්නේ, හුදෙක් මෙකී හේතුව නිසා ම පමණක් නොව, විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාව මුහුණ දෙනු ලබන අභියෝග, තවත් බොහෝ ආන්තීකරණයට ලක්වන ප්‍රජාවන්, හා පොදුවේ මහජනතාව මුහුණ දෙනු ලබන අභියෝගයන් හා අන්‍යොන්‍ය ව බැඳී පැවතීම නිසා ය. චානු පෞද්ගලික වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන් ද නියෝජනය කරනු ලබන්නේ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව පමණක් නොව මෙකී වෙනස්කොට සැලකීමට ලක්වන සියලු පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ය. 

ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනය බොහෝකලක් අධ්‍යයනය කර ඇති චානු, ඇගේ දේශපාලන ගමන ආරම්භ කිරීමට ප්‍රථම කෙටිකතා හා නවකතා ලේඛිකාවක් ලෙස කටයුතුකර ඇති අතර, නාට්‍ය හා ගීත පවා රචනා කිරීමට කටයුතුකළ තැනැත්තියකි. මෙරට සමාජය තුළ කාන්තාව විසින් මුහුණ දෙනු ලබන අභියෝග පාදකකර ගනිමින් ප්‍රබන්ධමය නිර්මාණ රැසක් චානු සිය කලා ජීවිතය තුළ බිහිකර ඇත. 

සිය සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කිරීමට ප්‍රථමව තමාතුළ ජීවත්වන ගැහැණිය චානු විසින් එළියට දමනු ලැබුවේ ද, ඈ විසින් එවකට විශ්වාසකළ පරිකල්පනීය කාන්තාවගේ හඬ අවදි වූයේ ද එ‍ලෙසිනි.

චානු විශ්වාසකරන වාමාංශික දේශපාලනයතුළ ඈ සුවිශේෂී වන්නේ, බෙදුම්වාදයට එරෙහිව ක්‍රියාත්මකවන වාමාංශික දේශපාලනයතුළ පවා අධ්‍යයන හා අනධ්‍යයන වශයෙන් බෙදීමක් දක්නට ඇති බව චානු විසින් හඳුනාගෙන තිබීම නිසා ය. වඩුවකු විසින් නිර්මාණය කරනු ලබන ඉහළම තළයේ ගෘහභාණ්ඩය නිශ්පාදනයක් ලෙස ඉදිරිපත් කිරීම හා වෛද්‍යවරයකු විසින් සපයනු ලබන ඉහළම තළයේ වෛද්‍ය ප්‍රතිකාර සේවාවක් ලෙස නිශ්පාදනය කිරීම අතර වෙනසක් නොපැවතිය යුතු බව පෙන්වා දෙන චානු “වඩුවා පහත් වන්නේ හා වෛද්‍යවරයා උසස් වන්නේ” යැයි මෙකී සංවාදයට බඳුන් නොකොට සඟවා තබනු ලැබූ අධ්‍යයන හා අනධ්‍යයන බෙදීම වාමාංශික දේශපාලනයතුළ ප්‍රසිද්ධියේ විවේචනයට ලක්කළ තැනැත්තියකි.

වත්මන් රජය බලයට පත්වීමට මූලික අඩිතාලම සපයනු ලැබුවේ ද මෙරට ප්‍රධාන වාමාංශික දේශපාලන ධාරාවක් විසින්වන පසුබිමක, මැති සබයට තේරී පත්වීම කෙසේවෙතත්, එකී වෙනස ජනතාවට පැහැදිලිකර දීමට, සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතාවයක් පවතින චානු දරන දැවැන්ත උත්සාහය විවාදයෙන් තොරව අගයකළ යුතුම ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan