වැසි මැද දිවෙන කාන්තා පළමු පෙළ තරගාවලියෙ පළමු ශතකය පියුමිගෙන්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 28,(LNW) කොළඹ :

ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කාන්තා පන්දු වාර 50 තරගාවලියේ ප්‍රධාන තරග දෙකක්ම ඊයේ දිනයේදී වර්ෂාවෙන් ඇති වූ බාධා නිසා මඟ හැරුණා.එසේම මේ දිනවල තිබෙන කාලගුණ තත්ත්වය නිසා බොහෝ තරගවල විසඳුම ලැබුණෙත් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුවයි.
එවැනි පසුබිමක තරගාවලියේ වාර්තා වූ පළමු ශතකය වාර්තා කරමින් පානදුර කණ්ඩායමේප් නායිකා පියුමි වත්සලා ලකුණු 119 ක් නොදැවී වාර්තා කරන්නට සමත් වුණා.ගාලු ක්‍රිකට් සමාජයට එරෙහිව ගාල්ලේදී වාර්තා කළ එම ශතකය සමඟ පානදුර කණ්ඩායම කඩුලු 3 ට ලකුණු 248 ක් රැස් කළ ද,වර්ෂාව නිසා එම තරගයේ දී ද පානදුර ක්‍රීඩා සමාජය ලකුණු 163 න් ජය ගත්තේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුවයි.

ඊයෙ පැවති තරග අතරෙන් කෝල්ට්ස් කණ්ඩායම සහ ඒස් කැපිටල් කණ්ඩායම් අතර තරගය සම්පූර්ණයෙන් අත හැර දැමුවා.එසේම බ්ලූම්ෆිල්ඩ් ක්‍රීඩාංගණයේ පවත්වන්නට යෙදුණ යුද හමුදා කන්ඩායම සහ එස්එස්සී කණ්ඩායම් අතර තරගයද සම්පූර්ණයෙන් අත හැර දැමුවා.
බීආර්සී කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර තරගයෙන් නාවික හමුදාව කඩුලු 10 ක ජයක් හිමි කර ගත්තේත් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මතයි.කුරුණාගල තරුණ ක්‍රීඩා සමාජය ද එම තත්ත්වය යටතේම ද්‍රවිඩ ක්‍රීඩා සමාජය කඩුලු 8 න් පරාජය කරනු
ලැබුවා.බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව ශ්‍රී ලංකා ගුවන් හමදා කණ්ඩායම ලකුණු 94 ක් ජයක් ලැබුවේ ද ඩක්වර්ත් ලුවිස් න්‍යාය මතමයි.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...