කොළඹ LNW:2024 මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම ලබන තිස්වනදා ආරම්භ කිරීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පවසයි.
ඒ අනුව එළෙඹෙන 30, නොවැම්බර් 01 සහ 04 යන දිනයන්හි තැපැල් ජන්ද සලකුණු කිරීම සිදුකිරීමට නියමිත බවයි ඔහු පවසන්නේ.
එම දින මඟහැරෙන අය වෙනුවෙන් විශේෂ දින ලෙස නොවැම්බර් 07 සහ 08 යන දිනයන්ද ඒ සඳහා වෙන්කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
ආශිකා බ්රාහ්මණ