ජොන්ස්ටන්ගේ BMW සිද්ධියට තවත් දෙදෙනෙක් CID භාරයට!

Date:

කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් නීතිවිරෝධී ලෙස ළඟ තබාගනිමින් භාවිතා කර ඇති සුඛෝපභෝගී BMW මෝටර් රථ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී තිබේ.

එසේ භාර වීමෙන් පසුව ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර පසුගිය (23) වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව ඔක්තෝබර් 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන මෙරටදී එකලස් කරන ලද එම BMW මෝටර් රථය හිල්ටන් හෝටලය වෙත ගෙනවිත් දමා තිබියදී සොයා ගැනුණි.

මෙම මෝටර් රථය ලියාපදිංචි කළ එකක් නොවන අතර එහි ව්‍යාජ අංකයක් යොදා පාවිච්චි කර ඇති බවත් හෙළිවිය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...