රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ (LNW):
අද (01) දින කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 135.54කින් ඉහළ ගිය බව වාර්තා වේ.
ගනුදෙනු අවසානයේදී දිනයේ සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 12,745.60 ක් ලෙස සටහන් වුණි. 2022 පෙබරවාරි 03 වනදායින් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ ඉහළම අගය මෙය වෙයි.
තවද, අද S&P SL20 දර්ශකය, ඒකක 64.83ක වර්ධනයක් වාර්තා කරමින් ඒකක 3,855.73 ක් දක්වා ඉහළ ගියේය. අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 3.96ක් ලෙස සටහන් වී ඇත.