2024 මහ මැතිවරණය:මහනුවර තැපැල් ජන්ද ප්‍රකාශ කිරීම සාර්ථකව ඇරඹේ!

කොළඹ LNW:2024 මහ මැතිවරණයට අදාළව දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ආරක්ෂක අංශ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද පෙරවරුවේ ආරම්භ විය.

ඊට සමගාමීව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය කාර්යය මණ්ඩලය තැපැල් ඡන්ද සලකුණු කිරීම ප්‍රධාන ශාලාවේදී අද පෙරවරු 08.30ට ආරම්භ කෙරුණි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, පොලීසිය, විශේෂ කාර්යය බලකා, ත්‍රිවිධ හමුදා ඇතුලු ආරක්ෂක අංශ සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම අද දිනයේදී සිදුවෙයි.

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ නිලධාරීන් 57951ක් සුදුසුකම් ලබා ඇති අතර නියෝජ්‍ය මැතිවරණ කාර්යාලයට ලැබුණු තැපැල් ඡන්ද අයදුම්පත් 59 286න් අයදුම්පත් 1335 ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයාගේ අධීක්ෂණය මත මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ආචාර්ය සම්පත් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණය මත මහනුවර දිස්ත්‍රික් තැපැල් ඡන්ද සලකුණු කිරීම ක්‍රියාත්මක වේ.

මහනුවර – නදීක දයා බණ්ඩාර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...