*
Wednesday, October 30, 2024
spot_img

Latest Posts

ආණ්ඩුවේ හැසිරීම අනුව තව අවුරුදු එකහමාරක් යද්දී පෝලිම් එනවා.රට බේරගන්න ශක්තිමත් විපක්ෂයක් හදන්න!

කොළඹ LNW:වත්මන් ආණ්ඩුවේ හැසිරීම අනුව තවත් වසර එකහමාරක් යන විට යළිත් රට තුළ පෝලිම් යුගයක් ඇතිවෙන හෙයින් එහිදී රට ආර්ථික අඝාධයකට වැටීමට නොදී බේරාගැනීමට නම් නොවැම්බර් 14 මැතිවරණයේ දී ගෑස් සිලින්ඩරය කණ්ඩායමේ බහුතරයක් පාර්ලිමේන්තු යවමින් ශක්තිමත් විපක්ෂයක් ඇති කිරීමට ජනතාව කටයුතු කළ යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

නමුත් කිසිම හේතුවක් මත අනුර දිසානායක පාලනය කඩාකප්පල් කිරීම තම පාර්ශ්වයේ අපේක්ෂාව නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.

වත්මන් පාලකයන් ජනතාව හමුවේ තැබූ පොරොන්දු ඉටුකිරීමට කාලය ලබාදිය යුතු බවද හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ඒ අනුව බලය ගැනීමට පෙර ඔවුන් පැවසූ ආකාරයට අඩු ආදායම් ලාභී පවුලකට මාසයක් සඳහා රුපියල් 25000ක දීමනාවක් ගෙවීම මෙන්ම රාජ්‍ය සේවකයින් ගේ වැටුප මාස හයෙන් හයට ඉහළ දැමීම ඇතුළු පොරොන්දු ඉටුකිරීම සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් සිටිය යුතු බවද ඔහු පවසයි.

”පැවති ආණ්ඩුව ඒ ආකාරයට තවත් අවුරුදු 2-3ක් හෝ ඉදිරියට ගෙන යායුතු බව අපි අවංකව විශ්වාස කළා. මොකද රට ඒ ගෙනා ක්‍රමයට ඉදිරියට ගෙන ගියේ නැත්නම්, ඒ පැමිණි වැඩපිළිවෙළ වෙනස් කළ විට ග්‍රීසිය ඇතුළු තවත් රටවල් ගණනාවක සිදුවූ ආකාරයට කඩා වැටෙන අවධානම තිබෙනවා . ලෝකයේ රටවල් ගණනාවක එය සිදුව තිබෙනවා. එදා අපි පාට පක්ෂ දේශපාලනය පැත්තකින් තියලා ඒ ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට තීරණය කළේ එය රටට හොඳක් වන නිසයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහාය දෙන්න තීරණය කළේ ඒ නිසයි. නැත්නම් ඔබතුමන්ලා දන්නවා මම හෝ අපේ අප්පච්චි කවදාවත් රනිල් වික්‍රමසිංහ මහතා ට හෝ එක්සත් ජාතික පක්ෂයට සහාය දීලා දේශපාලනය කරලා නෑ. අප පසුගිය ජනාධිපතිවරණය පරාජය වුණත් , අනුර දිසානායක ජනාධිපති වුණත්,මේ පාර්ලිමේන්තු මැතිවරණයේ දී අද ගෑස් සිලින්ඩරය කණ්ඩායමට ඔබේ ශක්තිය දෙන්න කියලා ඉල්ලා සිටිනවා . එහෙම ඉල්ලන හේතුවක් තියෙනවා.මම එය පැහැදිලි කරන්නම්. පෞද්ගලිකව මම විශ්වාස කරනවා මේ රටේ ජනතාව අනුර දිසානායකව ජනාධිපති කරන්න තීන්දු කළා නම් මේ නොවැම්බර් 14 ට පස්සේ ඔහුව ගෙදර යවන්න හෝ, ඔලුගෙඩි මාරු කරලා බලය ගන්න හෝ අපේක්ෂා කරන්න නරකයි. අපි එතුමට මාස 6ක්, අවුරුද්දක් එකහමාරක් ආණ්ඩුව ගෙන යන්න අවස්ථාව දිය යුතුයි. මොකද රටේ නායකයා කවුද කියලා තෝරාගැනීමට ජනතාවට අයිතියක් තියෙනවා. ඔවුන් මැතිවරණයේ දී කතිරය සටහන් කරලා ඒ අයිතිය ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තුව වගේම පළාත් සභා සහ ප්‍රාදේශීය සභා, නගර සභා සඳහා ද තත්ත්වය එයයි.

ජනතා තීරණය වෙන සෙල්ලම් දාලා වෙනස් කිරීම ජනතාවගේ අයිතියට කරන බලපෑමක් වෙනවා. ඒ නිසා අපි එතුමට බෑ කිව්වත් අපේ සහාය දීලා රට කරලා පෙන්නන්න කියන්න අවශ්‍යයි. අනිත් අතට අනුර දිසානායක මහතා අවුරුදු ගණනාවක් විපක්ෂයේ ඉන්නකොට කියපු කරපු කතා ගොඩක් තියෙනවා. ජනාධිපතිවරණය අවස්ථාවේ එතුමා කියපු විදිහට ඉදිරියේදී සෑම අඩු ආදායම් පවුලකටම මාසෙකට රුපියල් 25000 බැගින් දිය යුතුව තිබෙනවා . රාජ්‍ය සේවකයන් ට මාස හයෙන් හයට වැටුප් වැඩිකිරීම කළ යුතුව තිබෙනවා. තවත් බොහෝ කතා ඔවුන් කියා තිබෙනවා. ඒ ඔවුන් කියපු දේවල් කරන්න වසරකට රුපියල් බිලියන 6800ක් පමණ වැය වෙනවා. නමුත් රජයේ ආදායම තියෙන්නේ රුපියල් බිලියන 3800ක් වගේ ප්‍රමාණයක්. අපි බලමු ඔවුන් මේ කියපු දේවල් කරන්නේ කොහොමද කියලා.”

හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මෙම අදහස් දක්වා සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂය යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගවදින කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මිනිපේ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan