දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (ඔක්තෝබර් 30) පස්වරු 04:30 සිට දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරීවලින් ඉවත් වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දැනුම් දී තිබේ.

අද පස්වරුවේ රැස්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ විධායක සභාව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කළ බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර සඳහන් කළේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස්වීම් සම්බන්ධ ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් පිළිබඳව ප්‍රවාහන අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයා සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් සමග පැවැති සාකච්ඡාව අසාර්ථකවීම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...