සටහන – රුවන් නෙළුගොල්ල
වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේ දී උපයන විට බද්ද, වැට් බද්ද, සෘජු හා වක්‍ර බදු අඩු කරනවා යැයි කීවත් ජනාධිපතිවරයා ලෙස පත් වූ පසු මේ කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කළත් අද වන තුරු IMF එකගතාවක් අනුමැතියක් ලැබි නොමැති බවත් ජනතාව බදු අඩු වෙනතුරු සහ ජීවන බර අඩු වෙනතුරු බලා සිටියත් එය කිරීමටවත් බැරි වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එබැවින් එළඹෙන මහමැතිවරණයේ දී සමගි ජන බලවේග ආණ්ඩුවක් බිහිවිය යුතු බවත් එසේ නොවුවහොත් IMF ගිවිසුම වෙනස් කළ නොහැකි බවත් සමගි ජන බලවේගය අවස්ථා කිහිපයකදීම විපක්ෂයේ සිට IMF එකත් සමග සාකච්ඡා කර එකගතාවට එළැඹ ඇති බැවින් එම ගිවිසුම වෙනස් කළ හැක්කේ සමගි ජන බලවේගයට බවත් ඒ මහතා අවධාරණය කළේය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මුජිබර් රහුමාන් මහතා විසින් මැද කොළඹදී පැවැත්වූ ජන හමුවකට එක්වෙමිනි.
ලක්ෂ ගණනක් ජනතාව දුප්පත් වී, විදුලිය පවා විසන්ධි කර ඇති බවත් ව්‍යාපාර කඩා වැටී ඇති මේ ජනතාවගේ පීඩනයට ආණ්ඩුව ලබා දෙන එකම උත්තරය වන්නේ පොල් පෝලිම බවත් ඊට අමතරව අහස උසට බඩු මිල ඉහළ ගොස් ආදායම් අඩු වී වියදම් වැඩි වී එදිනෙදා වේල් 3 පිරිමහ ගන්න බැරිව ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මෙවැනි තත්ත්වයක් තුළ IMF ගිවිසුමේ ඇති ජනතා විරෝධී කොන්දේසි තුළ රටක් ලෙස ඉදිරියට යාමට නොහැකි බවත් එම නිසා මේ ගිවිසුම වෙනස් කර ජනතවාදී ගිවිසුමකට යා යුතු බවත් පැවසූ ඒ මහතා එසේම 2028දී ණය ගෙවන්නට නම් වේගවත් ආර්ථික වර්ධනයක් රටට අවශ්‍ය බවත් එසේ නොමැති නම් 2033 දක්වා මේ ගිවිසුම සංශෝධනය කල යුතු බවත් IMF ගිවිසුම වෙනස් නොකළොත් රටක් ලෙස අප තවදුරටත් බංකොලොත් වන බවත් අවධාරණය කළේය.