පොහොට්ටුව හැර ගිය විශාල පිරිසක් ආපසු පක්ෂයට එකතු වෙනවා – නාමල් රාජපක්ෂ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය ජනාධිපතිවරණයේදී ලැබූ ඡන්ද සංඛ්‍යාවට වඩා පැහැදිලිවම වැඩි ඡන්ද ප්‍රමාණයක් මහමැතිවරණයේදී ලබාගන්නා බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – ඔබතුමා හිතනවාද පහුගිය ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද ප්‍රමාණයට වඩා වැඩියෙන් මෙවර ලැබෙයි කියලා ?

“පැහැදිලිවම වැඩිවෙනවා … පැහැදිලිවම”

ප්‍රශ්නය – ඇයි ඒ ?

“කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ජනාධිපති මැතිවරණය අපි ජයග්‍රහණය කරන්නෙ නෑ කියලා හිතලා සමහරු ඡන්දෙ දාන්න ගියෙ නෑ. ඒත් අද ඒ අය ඡන්දෙ දාන්න යනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙල දිහා දැකලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක එකතුවෙන විශාල පිරිසකුත් ඉන්නවා. ඒ වගේම අපිව අතහැරලා ගියපු, සිලින්ඩරය වගේ අනෙකුත් පක්ෂ එක්ක සම්බන්ධ වෙච්ච බොහෝ පිරිසක් නැවත වතාවක් අපේ පක්ෂය එක්ක එකතු වෙනවා”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (ඔක්තෝබර් 30) කොළඹදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ නාමල් රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 342,781 ක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...