නීතීඥවරයෙකුට ලැබුණු නියෝගය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ (LNW):

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතීඥවරයෙකුගේ නීතීඥ භාවය වසර 5කට අත්හිටුවීමට නියම කළ බව සඳහන් වේ. ඒ කොළඹ මහාධිකරණය හමුවේ පැවති නඩුවක විත්තිකරුවෙකු වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාවටයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා කළ පැමිණිල්ලකට අනුව පැවති විභාගයකින් අනතුරුවයි. අදාළ වගඋත්තරකරුවෙනුවෙන් පෙනී සිටීමට මෙම නීතීඥවරයා රජයෙන් පත් කොට තිබුණි.

එහෙත් ඔහු විත්තිකරු වෙනුවෙන් දින තුනක් නොකඩවා අධිකරණය වෙනුවෙන් පෙනී සිට නැති අතර, වගඋත්තරකරු වරදපිළිගන්නා බව අධිකරණයට දැනුම් දුන් බව පැවසේ.

කෙසේ වෙතත් ඔහු නීතීඥ ආචාර ධර්ම කඩවන ආකාරයෙන් කටයුතු කර ඇති බවට විනිසුරුවරුන් තීරණය කර ඇත. ඒ අනුවයි ඔහුට වසර 5ක කාලයක් නීතීඥභාවය අත්හිටුවීමට තීරණය කර ඇත. මේ අතර නීතීඥ මදුර විතානගේ මහතාට අයත් පුද්ගලික බස් රථයක් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදාගත් බවට චෝදනා කරමින් එහි රියදුරුට එරෙහි පැමිණිල්ලක් පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත. ඒ අනුව අදාළ බස් රථය සහ රියදුරු මුදා හරින ලෙස අධිකරණය නියෝග කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...