T10 මංගල තරගාවලියට කණ්ඩායම් නම්, නම් කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 01,(LNW) කොළඹ :

දෙසැම්බර් 12 සිට 22 දක්වා පැවැත්වීමට නියමිත ලංකා T10 මංගල සුපර් ලීගය සඳහා ක්‍රීඩක කෙටුම්පත් කිරීම 2024 නොවැම්බර් 10 වන දින පැවැත්වීමට නියමිතව ඇත.එම කෙට්ම්පත් කිරීමට අදාළව අද දිනයේ ටී 10 කණ්ඩායම් කුමන නමකින් පෙනී සිටිනවා ද යන්න තීරණය කරන්නට යෙදිණි.
ප්‍රාදේශිය අනන්‍යතාවයන්,සංස්කෘතික වටපිටාව සහ ක්‍රිකට් ර්‍කීඩාව සමග ඇති සබඳකම් හී ස්වරුපය ආදියද සැළකිල්ලට ගනිමින් කණ්ඩායම් හයක්,නගර නාම මුලට යොදමින් නම් කරන්නට යෙදුණ අතර පහත දැක්වෙන්නේ එම කණ්ඩායම් නාම ලේඛණය ය.

  1. කලම්බු ස්ට්‍රයිකර්ස්
  2. Galle Marvels
  3. යාපනය ටයිටන්ස්
  4. මහනුවර බෝල්ට්ස්
  5. හම්බන්තොට බංග්ලා කොටි
  6. මීගමුව බ්‍රේව්ස්
    මෙහිදී මූලික වශයෙන් මූලික ලන්සු මුදල් 4 ක් යටතේ ක්‍රීඩකයින් වර්ග ගන්වා ඇත.ඒ කාණ්ඩයේ දී ඇමෙරිකානු ඩොලර් 35000 ක්,බී කාණ්ඩායේ දී ඇමෙරිකානු ඩොලර් 20000 ක් ද,සී කාණ්ඩයේදී ඇමෙරිකානු ඩොලර් 10000 ක් සහ ඩී කාණ්ඩයේ ඇමෙරිකානු ඩොලර් 2500 ක් මූලික ලංසු මුදල ලෙස ගණන් ගැනෙයි.ඩොලර් 2500 කණ්ඩායම ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෙක් මිලට ගැනීමට මෙන්ම අමතරව තවත් සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක් ඇතුළත් කර ගැනීමට ද යොදා ගන්නට හැකියි.
    නවාබ් ෂාජි උල් මුල්ක්,ටී ටෙන් ග්ලෝබල් ස්පෝර්ට්ස් නිර්මාතෘ සහ සභාපති ලෙස මෙම තරගාවලිය සාර්ථක ලෙස ක්‍රීඩාවට සේවයක් වන අයුරෙන් නිමා කරන්නට සූදානම් බව පෙන්වා දෙයි.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...