පා. මැතිවරණයට අදාළ නීති කඩකළ 191ක් අත්අඩංගුවට, ඒ අතර අපේක්ෂකයින් 6ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ (LNW):

නොවැම්බර් 14 දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් 191 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  

අපේක්ෂකයින් 6 දෙනෙකුද ඒ අතර වන බව , පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. පොලිසිය භාරයට ගෙන ඇති රථ වාහන සංඛ්‍යාව 45 කි. ඒ අතර, පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 168 ක් පොලිසියට ලැබී තිබේ.

ඒ අතරට, අපරාධමය පැමිණිලි 30 ක් හා මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් පැමිණිලි 138 ක් ඇතුළත් වන අතර, පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 1,259 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.ඉන් 13ක්ම ලැබී ඇත්තේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වන ඒවා බව පැවසේ.