පාසල් පැවැත්වෙන පැය ගණන දීර්ඝ කිරීමට ගත් තීරණය හකුලා ගනී

Date:

රජයේ පාසල් පැවැත්වෙන කාලය එළඹෙන නව වාරයේදී පැය එකකින් දීර්ඝ කිරීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් කටයුතු කර තිබේ.

මීට ඉහත රජය තීරණය කර තිබුණේ 2022 අප්‍රේල් 18 වන දින සිට ඇරඹෙන නව වාරයේ සිට පාසල් පැවැත්වෙන පැය ගණන පැයකින් දීර්ඝ කිරීමටයි. ඒ පවතින කෙටි කාලය තුළ මඟහැරුණු විෂය නිර්දේශ ඉගැන්වීමේ අරමුණින් යුතුවයි.

මෙම වසරට අදාළ විෂය නිර්දේශයේ මඟහැරුණු පාඩම් ආවරණය කිරීම සඳහා දින 139 ක සීමිත කාලයක් පවතින අතර, පාසල් පවත්වන කාලය පැයකින් දීර්ඝ කිරීම හරහා අමතර දින 20 ක කාලයක් ලබා ගැනීමට අපේක්ෂා කර තිබිණි.

කෙසේවෙතත්, ඉහත තීරණය තාවකාලිකව අත්හිටුවීමත් සමඟ හෙට (18) දින සිට ඇරඹෙන නව වාරයේ සිට සුපුරුදු පරිදි සියලු පාසල් පෙ.ව. 7.30 ට ආරම්භ වී ප.ව. 1.30 ට අවසාන වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...