පාසල් පැවැත්වෙන පැය ගණන දීර්ඝ කිරීමට ගත් තීරණය හකුලා ගනී

රජයේ පාසල් පැවැත්වෙන කාලය එළඹෙන නව වාරයේදී පැය එකකින් දීර්ඝ කිරීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් කටයුතු කර තිබේ.

මීට ඉහත රජය තීරණය කර තිබුණේ 2022 අප්‍රේල් 18 වන දින සිට ඇරඹෙන නව වාරයේ සිට පාසල් පැවැත්වෙන පැය ගණන පැයකින් දීර්ඝ කිරීමටයි. ඒ පවතින කෙටි කාලය තුළ මඟහැරුණු විෂය නිර්දේශ ඉගැන්වීමේ අරමුණින් යුතුවයි.

මෙම වසරට අදාළ විෂය නිර්දේශයේ මඟහැරුණු පාඩම් ආවරණය කිරීම සඳහා දින 139 ක සීමිත කාලයක් පවතින අතර, පාසල් පවත්වන කාලය පැයකින් දීර්ඝ කිරීම හරහා අමතර දින 20 ක කාලයක් ලබා ගැනීමට අපේක්ෂා කර තිබිණි.

කෙසේවෙතත්, ඉහත තීරණය තාවකාලිකව අත්හිටුවීමත් සමඟ හෙට (18) දින සිට ඇරඹෙන නව වාරයේ සිට සුපුරුදු පරිදි සියලු පාසල් පෙ.ව. 7.30 ට ආරම්භ වී ප.ව. 1.30 ට අවසාන වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UNP නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුර එච්.එන්.අයි. මනෝජ් කුරේට!

එච්.එන්.අයි. මනෝජ් කුරේ මහතා එක්සත් ජාතික පක්ෂයේ (UNP) නියෝජ්‍ය...

ජේ.ආර්. ජයවර්ධන 30 වැනි ගුණ සැමරුම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හිටපු ජනාධිපති ජේ.ආර්....

“IMUL-A-0022 TLE” ධීවර යාත්‍රාව සහ ධීවරයින් සිව්දෙනා පොතුවිල් සිට නාවික සැතපුම් 200ක් දුරින් නිරුපද්‍රිතව සොයාගනී…

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ‘අර්නාබ්’ සුළි කුණාටුවට මැදිව...

හැලොවීන් ලෝකයේ කිරුළ හිමි රැජින; වසරින් වසර ලෝකයම මවිත කරන හයිඩි ක්ලම්! 

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් කිව්වම බොහෝ දෙනෙකුට...