හත්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ!

Date:

කොළඹ LNW:හත්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය(CIIE) සහ Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදය චීනයේ ශැංහයි හිදී ආරම්භ වෙයි.

අද (05) එහි සමාරම්භක උත්සවය ශැංහයි ජාතික ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. ඒ චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී අග්‍රාමාත්‍යවරයා සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය ද සිදු කළේ ය.

මැලේසියාව, මොන්ගෝලියාව සහ සර්බියාව ආදී රටවල නායකයින් ද සමාරම්භ උත්සවය‍ට එක්වෙමින් දේශන පැවැත්වූහ. එමෙන්ම ලෝක වෙළඳ සංවිධානයේ(WTO) අධ්‍යක්ෂ ජනරාල් Ngozi Okonjo-Iweala මහත්මිය ද වීඩියෝ ආකාරයෙන් සම්බන්ධ වෙමින් දේශනයක් සිදු කර ඇත.

අද(05) සිට (10) වනදා දක්වා පැවැත්වෙන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට රටවල් සහ කලාප 129 කින් ප්‍රදර්ශකයින් 3,496ක් එක් වනු ඇත. මෙවර ප්‍රදර්ශනයට Fortune Global 500 නියෝජනය කරන සමාගම් 297ක් මෙන්ම ඒවායෙහි කර්මාන්ත ප්‍රධානීන් ද එක් වේ.

නව්‍ය නිෂ්පාදන, නව්‍ය තාක්ෂණයන් සහ නව සේවා 400කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනයට සමගාමීව එළිදැක්වීම ද විශේෂත්වයකි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...