ගාලුමුවදොර පිටිය ගැන තීරණයේ වෙනසක්!

Date:

කොළඹ LNW:පිරිසිදු හා හරිත ගාලුමුවදොර පිටියක් යන සංකල්පය මත පදනම්ව ආගමික වැඩසටහන් සඳහා පමණක් වෙන්කර තිබු ගාලුමුවදොර පිටිය සෙසු ක්‍රියාකාරකම් සඳහා ද ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව සංචාරකයන්ට නිදහසේ ගැවසිය හැකි වඩාත් ආකර්ෂණිය හා ආරක්ෂිත ස්ථානයක් මෙන්ම මැයි දින සැමරුම්, සංගීත ප්‍රසංග ආදිය සඳහා ලබාදීමටද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

2023 අප්‍රේල් 17 වැනිදා කැබිනට් මණ්ඩල තීරණයට අනුව ගාලුමුවදොර පිටිය ආගමික වැඩසටහන් පැවැත්වීම සඳහා පමණක් වෙන්කිරීමට තීරණයක් ගෙන තිබුණි.

කෙසේවෙතත් ගාලුමුවදොරපිටිය පරිපාලනය හා නඩත්තුව සඳහා මාසිකව රුපියල් මිලියන දෙකයි දශම පහත් තුනත් අතර මුදලක් වැයවන හෙයින් එම මුදල ආවරණය කර ගැනීමේ අරමුණින් සෙසු කටයුතු සඳහා ද එය භාවිත කිරීමට අවසර ලබාදීමට මේ වන විට තීරණය කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Update:අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලද ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට!

කොළඹ LNW:අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන්...

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...