නිල සංචිත විශාල ලෙස වර්ධනය වුණු හැටි ….

Date:

පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත වල ඩොලර් මිලියන 473ක විශාල වර්ධනයක් සිදු වී ඇති අතර ඒ අනුව ඔක්තෝබර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,467 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය වසර පසුගිය වසර හතරක කාලය තුළ වාර්තා වූ ඉහළම අගයයි. ජනාධිපතිවරණයට පෙර පැවති අවිනිශ්චිතතාවය හමුවේ රඳවා ගෙන සිටි විදේශ විණිමයද ඉන් පසු මාසයේදී වෙළඳපොළට පැමිණියා විය හැකියි.

ඔක්තෝබර් මාසය තුළ ඩොලරයක මැදි මිල රුපියල් 299.36 සිට රුපියල් 293.72 දක්වා පහත වැටුනා. එසේ පහත වැටුණේ මහ බැංකුව විසින් මෙපමණ විදේශ විණිමය ප්‍රමාණයක් මිල දී ගෙන තිබියදීයි.

ඩොලරයක් රුපියල් 294ක් සේ සැලකුවද ඩොලර් මිලියන 473ක් මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 139 ඉක්මවන මුදලක් අවශ්‍ය වෙනවා. මහ බැංකුව විසින් එවැනි මුදලක් වැය කරනවා යන්නෙන් අදහස් වෙන්නේ සංචිත මුදල් සැපයුම එපමණකින් වැඩි වන බවයි. එනම් එපමණ සල්ලි අච්චු ගැසීමක් සිදු වන වන බවයි. එය එසේ නොවන්නටනම් එම රුපියල් ප්‍රමාණය වෙනත් ක්‍රමයකින් නැවත එකතු කරගත යුතුයි.

සැප්තැම්බර් මාසය අවසානයේදී සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,523.6ක්ව පැවතුණා. ඔක්තෝබර් 30 දින වන විට සංචිත මුදල් සැපයුම රුපියල් බිලියන 1,474.6 දක්වා රුපියල් බිලියන 49.0කින් අඩු වී තිබුණා. ඒ අනුව පෙනී යන්නේ විදේශ සංචිත මිල දී ගැනීම සඳහා වැය කළ මුදලටද වඩා වැඩි මුදලක් මහ බැංකුව විසින් විවට වෙළඳපොළ කටයුතු වැනි අනෙකුත් ක්‍රම මගින් වෙළඳපොළෙන් එකතු කරගෙන ඇති බවයි. විවට වෙළඳපොළ කටයුතු මහ බැංකුවක් විසින් වෙළඳපොළට මුදල් නිකුත් කරන හා වෙළඳපොළෙන් මුදල් නැවත එකතු කරගන්නා ප්‍රධානම ක්‍රමයයි.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...