දන්නවා නම් හරියට කරන්න නැත්නම් සීයාගෙන් අහන්න!

Date:

කොළඹ LNW:රටේ ආර්ථිකය හැසිරවීමේ වැඩ කටයුත්ත දන්නවා නම් හරියට කරන්න නැත්නම් “සීයාගෙන්” අහන්නැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

වික්‍රමසිංහ මහතා මේ අබව පැවසුවේ ඊයේ (07) ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ගාලු දිස්ත්‍රික්කයට තරඟ වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ගාල්ලේදී පැවති ජන හමුවක් අමතමිනි.

රට වැටුණු අවස්ථාවේ තමන් සමග එකතු වී අර්බුදයට මුහුණ දී රට ගොඩගත් කණ්ඩායම අද ගෑස් සිලින්ඩරයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින අතර වසර දෙකක් ඇතුළත රට සාමාන්‍ය තත්ත්වයට ගැනීමට උදව් කළ ඔවුන්ට විශේෂ පළපුරුද්දක් තිබෙන බවයි හිටපු ජනාධිපතිවරයා පැවසුවේ.

”එදා ණයෙන් ගිලුණු රට දැන් කෙසේ හෝ ගොඩගෙන තිබෙනවා.රට මුහුණ දී තිබූ ප්‍රශ්න වලින් තවම සම්පූර්ණයෙන්ම මිදී නැහැ.ඒ නිසා පළපුරුදු කණ්ඩායමක් අවශ්‍යයි. ජනාධිපති ඇතුළු මාලිමාවේ උදවිය ආණ්ඩුවේ සිටිනවා යැයි පෙනෙන්නට තවම හැසිරෙන්නේ නැහැ. බලය ගත් පසු කරන වැඩපිළිවෙළක් ගැන කියන්නෙත් නැහැ. හැසිරෙන්නේ විපක්ෂයේ ඉන්නවා වගේ.දැන් වෛරය පතුරවමින් වටේ යනවා.

හැමදාම ප්‍රභූ පන්තිය ගැන කතා කරනවා. මම එකක් කියන්න කැමතියි.අප කිසිවෙකුත් මෙය ප්‍රභූ පන්තියට සීමා කර නැහැ.රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනාධිපති කරන්නට ක්‍රියා කළේ එක්සත් ජාතික පක්ෂයයි.එතුමා ප්‍රභූවරයෙක් ද? අනතුරුව ඩී.බී විජේතුංග මැතිතුමා ජනාධිපති ධූරයට පත් කරන්නට කටයුතු කළා.එතුමා ජීවිතය ආරම්භ කළේ පොලිස් කොස්තාපල්වරයෙක් ලෙසයි. මේ රටේ සාමාන්‍ය ජනතාවට දේශපාලනයට ඇතුළු වී ඉදිරියට එන්න ක්‍රමවේද අප ඇති කර තිබෙනවා. තවත් එවැනි පුද්ගලයෙක් ජනාධිපති ධුරයට පත්වීම ගැන අප ආඩම්බර වෙනවා.මේ තත්ත්වය ආරම්භ කළේ අපයි. අප ප්‍රභූ පංතියක් ඇතිකර නැහැ.සියලුම දෙනාට නිදහස් අධ්‍යාපනයෙන් ඉදිරියට එන්න අවස්ථාව තිබෙනවා.ජනතා විමුක්ති පෙරමුණ යනු සමාජවාදී මාක්ස්වාදී පක්ෂයක්.මේ අයට මාක්ස්වාදය ගැන ලියැවුණු ජාත්‍යන්තර පොතපත කියවන ලෙස මා ආරාධනා කරනවා.හිටපු අගමැතිතුමාගෙන් ඒ ගැන අහන්න. මාක්ස්වාදය ලංකාවට ගෙන ආවේ එතුමාගේ පියා තමයි.අපිට ඇවිත් මේවා කියන්න එපා. අපි නොදන්නවා නොවෙයිනේ.” යනුවෙන් වික්‍රමසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...