ඇමෙරිකාවේ සදර්න් ඉලිනෝය වි: විද්‍යාලය හා ලාංකීය අධ්‍යාපන ආයතන අතර ගිවිසුම්…..!

Date:

අශෝක ජයතුංග

නොවැම්බර් 09, වොෂින්ටන් LNW :

වොෂින්ටන් තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ලාංකාක අධ්‍යාපන ආයතන රැසක් ඊට මැදිහත් වෙයි…!

එමගින් ලාංකික සිසු සිසුවියන්ට ඇමෙරිකාවේ වැඩිපුර අධ්‍යාපන වරම් ලැබෙන ලකුණු…..!

ඇමෙරිකාවෙි ඉලිනෝයි ප්‍රාන්තයේ කාබන්ඩේල් හි සදර්න් ඉලිනෝය විශ්ව විද්‍යාලය (SIU) හා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අතර ඇතිකල ගිවිසුම් මගින් ලාංකික සිසුන් සඳහා අධ්‍යාපන අවස්ථා නිර්මාණය කර ඇති අතර එමගින් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත්වී තිබේ.

වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිසක් 2023 දෙසැම්බරයේදී එම විශ්ව විද්‍යාලීය ඉහළ නිළධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වීය. ලාංකේය සිසුන් සඳහා ඇති වටිනා අවස්ථාවන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින්, SIU සහ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අතර එකගතා ගිවිසුම් පිළිබඳව එහිදී අවධානය යොමු කෙරිණ.

සදර්න් ඉලිනෝය විශ්ව විද්‍යාලය සමග වූ එම සංවාදයෙන් සහ විධිමත් යෝජනා වලින් වලින් පසුව, වොෂින්ටන් තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රාජ්‍ය සහ පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට එකී අවස්ථාවන් යොමුකල අතර එහි ප්‍රතිඵලයක් ලෙස අවබෝධතා ගිවිසුම් (MOU) කිහිපයක් අත්සන් කර තිබේ.

සදර්න් ඉලිනෝය වි: විද්‍යාලය වැනි කීර්තිමත් ආයතනයක් හරහා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපනික හවුල්කාරිත්වයන් වර්ධනය කිරීමට ලැබීම ඉතා වැදගත් පියවරක් බව තානාපති සමරසිංහ මහතා ගේ අදහස වේ.

SIU හි උපායමාර්ගික සැලැස්ම, Imagine 2030 සමඟ ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගැනීම සහ එහි ශිෂ්‍ය සාර්ථකත්වය සහ විවිධත්වය, සමානාත්මතාවය සමඟ හොඳින් ගැලපේ යැයි පර්යේෂණ පිළිබඳ උපකුලපති සහ උපාධි පාසලේ පීඨාධිපති කොස්ටස් සැට්සොලිස් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ හා සෙසු රටවල දක්ෂ සිසුන් ද: ඉලිනොයිස් වි: විද්‍යාලයේ කීර්තිය තවත් ඉහල නංවනු ඇති බවට ද ඒ මහතා විශ්වාසය පළ කළේය. ලාංකික සිසුන්ගේ පැමිණීම හා ඉහළ මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීමේ හැකියාව සහිත පර්යේෂණ විශ්ව විද්‍යාලයක ඔවුන්ට ප්‍රායෝගික අවස්ථා ලබා දීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළේය.

ලංකාවේ NSBM හරිත විශ්වවිද්‍යාලය 2024 මාර්තු මාසයේදී ඉලිනෝය සමඟ අවබෝධතා ගිවිසුම නිමා කළේය. ඒ සමඟම ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය (NIBM), බෞද්ධ අධ්‍යයන සඳහා වන නාගානන්ද ජාත්‍යන්තර ආයතනය (NIIBS) සහ හොරයිසන් වි: විද්‍යාලය සමඟ මෑත කාලීන ගිවිසුම් ඇති කර ගන්නා ලද අතර එමගින් උසස් අධ්‍යාපනයේ සහයෝගීතාවයට ඇති කැපවීම තවදුරටත් ශක්තිමත් කරන ලදී. සදර්න් ඉලිනෝය හා මොරටුව විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය අතර ගිවිසුම් ඇතිකිරීමේ කටයුතු ක්‍රියාත්මකය. එමගින් අධ්‍යයන විශිෂ්ටත්වය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය ඉහළ නැංවීම සඳහා වන දෙරටේ හවුල්කාරීත්වය හා කැපවීම වර්ධනය වනු ඇත.

“මෙම ගිවිසුම් ලාංකික සිසුන්ට දීප්තිමත් අනාගතයකට මග පාදනු නිසැක” බව තානාපති සමරසිංහ මහතා පැවසීය. මෙම ආරම්භය ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාවේ ආයතන අතර සහයෝගීතාවයට පුබල අනුබලයක් වනු ඇතැයි පැවසූ තානාපතිවරයා, SIU සහ එහි නිලධාරීන් – Costas Tsatsoulis සහ Karen Jones, සහකාර පීඨාධිපති සහ උපාධි පාසලේ අධ්‍යක්ෂ සහ Peter Li, ජාත්‍යන්තර අධ්‍යාපන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෙත ඔවුන්ගේ කැපවීම වෙනුවෙන් සිය අවංක කෘතඥතාව පුද කර සිටියේය.

1869 දී සාමාන්‍ය විද්‍යාලයක් ලෙස ඇරඹී පසුව වරලත් සදර්න් ඉලිනෝය වි: විද්‍යාලය ලෙස එක්සත් ජනපද පර්යේෂණ විශ්ව විද්‍යාලය ඇරඹිණ. SIU සියලුම එක්සත් ජනපද උසස් අධ්‍යාපන ආයතන අතර පර්යේෂණ සඳහා ඉහළම 05% තුළ ශ්‍රේණිගත කර ඇති අතර, එය උසස් අධ්‍යාපන ආයතන සඳහා වන Carnegie වර්ගීකරණය මගින් ඉහළ පර්යේෂණ ක්‍රියාකාරකම් සහිත ආචාර්ය උපාධි දක්වා පිරිනමන ඉහළ විශ්ව විද්‍යාලයක් ලෙස පුමිතිගතව ඇත. ඊට පර්යේෂණ සඳහා වාර්ෂිකව විශාල බාහිර අරමුදල් ලැබෙන අතර පුහුණුව සහ සේවා පදනම් වූ ප්‍රදාන සහ කොන්ත්‍රාත්තු සඳහා වන ආයතනයක් ලෙස ද සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...

රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

නිවැරදි කිරීමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත...