Breaking News : CIDයට මගහැරුණු මිලියන 50ක තැන්පතුවක් ආපසු ගැනීමට කෙහෙළියගේ පවුලෙන් වෑයමක් !

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් පසුගිය සමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනවලට අදාළව කෙහෙළිය ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් 06 දෙනෙකුට හිමි ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු රැසක ගනුදෙනු අත්හිටුවීමට අධිකරණය නියෝග කර තිබිණි.

කෙසේවෙතත් එම විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අත්හැරුණු රුපියල් මිලියන 50 ක තැන්පතුවක් අද (නොවැම්බර් 09) දිනයේදී ආපසු ලබාගැනීමට කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින් සූදානමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව කෙහෙළියගේ එක් දියණියක් එම තැන්පතු මුදල ආපසු ලබාගැනීම සඳහා අවශ්‍ය ලිපිලේඛන ද රැගෙන මේ වනවිට ලංකා බැංකුවේ එක්තරා ශාඛාවකට පැමිණ සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

අදාළ බැංකු ශාඛාවේ සේවය කරන අය ද කරකියාගත හැකි දෙයක් නොමැතිව සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවත් වාර්තා විය.

කෙහෙළියගේ පවුලේ අය මෙසේ ක්‍රියාත්මක වී ඇත්තේ යම් ඉහළ බලපෑමක් සහිතව වන බවත් ආරංචිමාර්ග පැවසීය.

මේ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වහාම ක්‍රියාත්මක නොවුණහොත් අදාළ තැන්පතු මුදල මුදාහැරීමට බැංකුවේ සේවය කරන අයට සිදුවනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...