*
Thursday, November 14, 2024
spot_img

Latest Posts

මේ රටේ සහල් ප්‍රශ්නයට අපි විසඳුම් දෙනවා – නාමල් සහතික වෙයි!

කොළඹ LNW:මේ වන විට රජය මුහුණ දී සිටින සහල් පිළිබඳ ප්‍රශ්නයට පැහැදිලි විසඳුම් දෙමින් රජයේ වී සංචිත තර කිරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක නාමල් කරුණාරත්න මහතා පැවසුවේය.

ඒ, ඊයේ (08) කුරුණෑගලදී පැවති ජාතික ජන බලවේගයේ මහ මැතිවරණ ප්‍රධාන ප්‍රචාරණ රැළිය අමතමිනි.

ඒ අනුව ඉදිරි මහ කන්නයේ අස්වනු නෙළීම ආරම්භ වන විට නිසි මිලකට රජය වී මිලදී ගැනීමට කටයුතු කරන අතර සියලුම රජයේ වී ගබඩා වෙත එම මිලදී ගැනීම් සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.

”අපි ආණ්ඩුව ගන්න කොට රජයේ ගබඩාවල වී ඇටයක්වත් නැහැ. යල කන්නයේ ආණ්ඩුව වී මිලදී ගත්තේ නැහැ. ඊට කලින් ගත්තු වී තිබුණා රු. 120ට ගත්තු. ඒ 120ට ගත්තු වී වලට රු. 10ක ආසන්න පිරිවක් දරුවා. ඒ අනුව රජයේ ගබඩාවල තිබුණා වී කිලෝවක් වෙනුවෙන් රු. 130ක් වියදම් කරපු. අන්න ඒ වී රනිල් වික්‍රමසිංහ පොහොට්ටු ආණ්ඩුව කැබිනට් එකේ තීන්දුවක් ගත්තා රු. 80ට විකුණන්න. අන්න ඒ වෙලාවේ අපි ඒකට කොක්ක ඇද්දා. වැඩේ යට ගහල රු. 80ට වී ටික වික්කා. රජයට රු.50ක් පාඩු කෙරුවා. රු.50ක් කොමිස් ගැහුවා. රජයේ ගබඩාවල වී ටික හිස් කෙරුවා. නිකවැරටිය ගබඩාවේ කෝටි පහක වීත් නැහැ සල්ලිත් නැහැ. රනිල් වික්‍රමසිංහ පොහොට්ටු ආණ්ඩුව ගිල්ලා. මේක තමයි ඒගොල්ලෝ කෙරුවේ. වී අලෙවි මණ්ඩලය සම්පූර්ණයෙන් මස්තබාල්දු කෙරුවා. අපේ ජනාධිපතිවරයා වැඩ භාරගන්නකොට රජය සතුව වී සංචිත නැත. මහ කන්න පටන්ගෙන ඇත. මහ කන්න පටන් ගත්තම ගොවියා මොකක්ද කරන්නේ කන්න පටන් ගන්න සල්ලි නැහැ. යල කන්නේ අස්වනු විකුණනවා. යල කන්නේ අස්වනු ගොවියා ළඟ නැහැ. රජය සතුව වී නැහැ. ගොවියා ළඟත් වී නැහැ. ඒ තත්ත්වයත් එක්ක මේ වී කොහෙද තියෙන්නේ. අන්න ඒ වී තියෙනවා අතරමැදි තැන්වල,මහ වී මෝල් හිමියෝ ළඟ. මේ වෙද්දී මහ පරිමාණ මෝල් හිමියෝ දෙන්නෙක් ජන්දේ ඉල්ලනවා. එක්කෙනෙක් පොහොට්ටුවෙන් එයා කොහොමත් හිටපු ඇමති. අනිත් එක්කෙනා සජබෙන්. මේ කතන්දර ඔක්කොම මේකට දැන් පටබන්දිලා තියෙනවා. ඒ නිසා අපට අවශ්‍ය වෙන්නේ දවසකට හාල් කිලෝ ලක්ෂ 65යි. අවුරුද්දකට අවශ්‍ය වෙන්නේ හාල් මෙට්‍රික් ටොන් 24යි. ඒ ප්‍රමාණය ඉක්මවා අපේ රටේ වී වී නිෂ්පාදනය කරනවා, හාල් නිෂ්පාදනය කරනවා. මේකත් එක්ක තමයි ගැටළුවක් ඇතිවෙලා තියෙන්නේ. එය විසඳන්න අපි උපරිමයෙන් මැදිහත් වෙලා ඉන්නවා. අපි කියනවා එන මහ කන්නයේ අස්වනු නෙළන්න පටන් ගන්නවා තව මාස එකහමාරකින් දෙකකින්. ගොඩ වී කැපෙනවා. සුදු හාල් කැපෙන්න පටන් ගන්නවා. පෙබරවාරි අගවෙනකොට මහ වාරේ කැපෙන්න පටන් ගන්නවා. අපි ඔබට සහතික වෙනවා රජයේ වී ගබඩා අනිවාර්යයෙන් පුරවනවා. රරජය සැලකිය යුතු වී පංගුවක් ගොවියට මිලක් දීලා අපි මිලදී ගන්නවා. රජය සතු ආහාර සංචිතය සංචිතය ආරක්ෂා කරගන්නවා. ඒ වගේම කුඩා හා මාධ්‍ය පරිමාණ මෝල් හිමියාට ඔවුන්ටත් වී මිලදී ගැනීමට අවශ්‍ය පරිසරය අපි හදනවා. මහ වී මෝල් හිමියටත් වී මිලදී ගන්න පුළුවන්. ඒකට බාධාවක් නැහැ. මොකද ඒගොල්ලොත් මේකේ ඉන්න ඕනේ. මේ හැමෝම ඉන්න ඕනේ. හැබැයි කිසිකෙනෙකුට උඩ පිනුම්, යට පිනුම්, බඩ පිනුම් ගහන්න දෙන්නේ නෑ. ඒක අපි නියාමනය කරනවා.

ඒ විතරක් නෙවෙයි අපි ඉදිරියට මෙන්න මේ දේ කරනවා. අද වී කිලෝ එකක නිෂ්පාදන වියදම රු.100යි. රු. 100ක නිෂ්පාදන වියදම දරාගෙන ගොවියා රු.70ට වී කිලෝව විකුණනවා. එක තමයි ප්‍රයෝගික තත්ත්වය. 100ක් වියදම කරලා 70ට විකුණද්දී ගොවියට රු.30ක් පාඩුයි. වී කිලෝව 70ට විකුනද්දීත් පාරිභෝගිකයා හාල් කිලෝව දෙසිය ගණන් වලට ගන්නවා. අපි කියනවා මේ රටේ ජනතාවට මෙන්න මේ දෙන්නම ඒ විතරක් නෙවෙයි අතරමැද ඉන්න නිෂ්පාදකයාත් මේ සියලු දෙනාම සතුටු කරන විදිහට මේ ප්‍රශ්නය අපි විසඳනවා.” යනුවෙන් නාමල් කරුණාරත්න මහතා තවදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan