පැරණි පණිවුඩයක් සහිත අරුම පුදුම බෝතලයක් ස්කොට්ලන්තයෙන් හමුවෙයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

වසර 132ක් පැරණි පණිවුඩයක් සහිත බෝතලයක් ඉංජිනේරුවන් පිරිසක් විසින් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ස්කොට්ලන්තයේ දකුණු ප්‍රදේශයේ ප්‍රදීපාගාරයකින් බව සඳහන් වේ.

රයින්ස් ඔෆ් ගැලෝවේ හි උතුරු දෙසින් පිහිටි කෝර්ස්වෝල් ප්‍රදීපාගාරය තුළින් මෙම බෝතලය සොයාගත් බව, විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බෝතලය තුළ තිබී, 1892 සැප්තැම්බර් 4 දින ලියන ලද ලිපියක් ද හමුව ඇති බව පැවසේ.

තීන්ත භාවිතයෙන් ලියා ඇති එම ලිපියෙන් කුළුණේ නව ආලෝක පහන් වර්ගයක් සවි කළ ඉංජිනේරුවන් තිදෙනෙකුගේ නම් හෙළිවන බවත්, එහි ප්‍රදීපාගාරයේ භාරකරුවන් තිදෙනාගේ නම් ද වන බවත් සඳහන් වේ.

අඟල් 8 (සෙ.මී. 20) බෝතලය උතුරු ප්‍රදීපාගාර මණ්ඩලයේ යාන්ත්‍රික ඉංජිනේරුවෙකු වන රොස් රසල් විසින් කරන ලද පරීක්ෂාවකදී සොයාගෙන ඇත.

”මෙය මැයි සිට සැප්තැම්බර් දක්වා මාසවලදී Edinburgh, Milton House Works හි James Milne & Son Engineers හි James Wells Engineer, John Westwood Millwright, James Brodie Engineer, David Scott Labourer විසින් ඉදිකරන ලද අතර 15 වන බ්‍රහස්පතින්දා රාත්‍රියේ නැවත ආලෝකමත් කරන ලදී. 1892 සැප්තැම්බර්…” යන්නයි.

1892 දී මෙම සටහන ලියා ඇති මිනිසුන් ප්‍රදීපාගාරයේ සිට ඇත්තේ කුළුණ මුදුනේ වෙනස් ආකාරයේ පහන් සවි කිරීමට සහ ඔප දැමීම සඳහා වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...