නීතිවිරෝධී ලෙස එකළස් කළ ඩිෆෙන්ඩර් රථයක් නිවසකින් හමුවෙයි ! (Photos)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මහනුවර, පල්ලේකැලේ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ලිපිලේඛන කිසිත් නොමැති ඩිෆෙන්ඩර් රථයක් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ, සැකකටයුතු ජීප් රථයක් නිවසක ඇති බවට බලගොල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ හදිසි වැටළීමකදී ය.

රථය පරික්ෂා කිරීමේදි එය ලියාපදිංචි කර නොමැති බවත් චැසි අංකය හා එන්ජින් අංකය ද නොමැති බවත් හෙළිදරව් වී ඇති අතර ඒ අනුව අදාළ ඩිෆෙන්ඩර් රථය නීතිවිරෝධිව එකලස් කරන ලද්දක් බවට තහවුරු වී ඇති බව සඳහන්.

එවන් වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අදාළ නිවෙස් හිමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ජීප් රථය තමාගේ විනෝදාංශයක් වශයෙන් කොටස් එකළස් කර නිර්මාණය කරන ලද්දකැයි ඔහු පවසා ඇති බවත් ආරංචිමාර්ග පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජයශ්‍රී උයන, පල්ලේකැලේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ

සටහන - රුවන් නෙළුගොල්ල Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම...

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට ඇතුළුවන හා ඉන් පිටවන සියලුම තෙල් නවුකා අවහිර කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු...

පවතින අසාර්ථක හා විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංගවෙලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...