උද්ධමනයේ රටාව වෙනස් වෙයි!

0
1070

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ (LNW):

2023 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝම්බර් මාසයේ බඩු මිල වැඩිවීමේ වේගය හෙවත් උද්ධමනය අඩු වී තිබේ.

ඔක්තෝම්බර් මාසයේ උද්ධමනය සටහන් වුණේ, 189.9 ක් ලෙස වන අතර, එහි මාසික වෙනස, සියයට සෘන 0.53 ක් වේ. පසුගිය සැප්තැම්බර් මාසයේ උද්ධමනය 190.9 ක් ලෙස දැක්වුණු අතර එහි මාසික වෙනස සෘන 0.12 කි.