*
Tuesday, January 14, 2025
spot_img

Latest Posts

කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි; යුක්රේන යුද්ධය උත්සන්න නොකරන ලෙස ට්‍රම්ප් පුටින්ට උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දෙවන ධුර කාලයක් වෙනුවෙන් අතිවිශාල බලයක් සහිතව තේරී පත් වූ එක්සත් ජනපදයේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(10)දිනයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ දුරකථනයෙන් කතා කර යුක්රේනයට එරෙහි යුද්ධය උත්සන්න නොකරන ලෙස උපදෙස් ලබා දුන් බවත්, වොෂින්ටන් පෝස්ට් වාර්තා කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී කියා තිබුණේ, යුක්රේන යුද්ධය දිනක් ඇතුළත අවසන් කරන බවයි. නමුත් එය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔහු සදහන් කලේ නැත.

මේ සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශවය සඳහන් කර තිබුණේ, ජනාධිපති ට්‍රම්ප් ඓතිහාසික මැතිවරණයක් තීරණාත්මක ලෙස ජයග්‍රහණය කළ අතර ඇමරිකාව ලෝක වේදිකාවේ නැවත ප්‍රමුඛත්වයට පත්වන හෙයින් ජනාධිපතිවරයා ගෝලීය සාමය සහ ස්ථාවරත්වය නියෝජනය කරන බැවින් නායකයින් ඔහු සමඟ ශක්තිමත් සබඳතා වර්ධනය කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවයි.

මේවන විට ඩොනල්ඩ් ට්‍රුම්ප් පසුගිය සතියේ ව්ලැඩිමීර් සෙලෙන්ස්කි සමඟද දුරකතනයෙන් සාකච්චා කර තිබු අතර මෙත් සමඟ ජෝ බයිඩන් ද එළඹෙන බදාදා(13) ඕවල් කාර්යාලයට පමිනෙන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කර තිබේ. මේ සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ, එළඹෙන ජනවාරි මාසයේදී සේවයෙන් ඉවත් වීමට සුදානම් ජෝ බයිඩන් මෙහිදී යුරෝපයේ, ආසියාවේ සහ මැද පෙරදිග සිදුවෙමින් පවතින දේ ගැන ට්‍රම්ප් සමඟ කතා කරනු ඇති බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan