ටී ටෙන් කණ්ඩායම් නම් වෙයි- සමහර දක්ෂයන්ගේ නම් ගිලිහෙයි

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 12,(LNW) කොළඹ :

ශ්‍රී ලංකාවේ පළමු වරට පැවත්වෙන ලංකා ටොප් ටෙන් සුපර් ලීග් තරගාවලියේ කණ්ඩායම් නියෝජනය කරන දේශිය සහ විදේශිය ක්‍රීඩකයන් මේ වන විට තේරී පත් වී තිබෙනවා.එම කණ්ඩායම් හිමිකරුවන් සහ ක්‍රීඩකයින් මිලදී ගැනීමට යොදා ගන්නා නියෝජිතයින් අතින් ගෙවුණු ආසියානු නැඟි එන තරගාවලියේ දි දස්කම් දැක් වූ,මේ තරගාවලියට වැදගත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේම නම් ගිලිහී ගොස් තිබෙනවා.


ඒ අතරින් වේගවත් ප්‍රහාරයන් එල්ල වන මොහොතේදී ඉතාම සූක්ෂමව උපායශීලීව පන්දු යැවීමේ හැකියාව ඇති ඒෂාන් මාලිංගගේ නම කිසිඳු කණ්ඩායමක නොමැති වීම මෙන්ම එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් නුවනිඳු ප්‍රනාන්දුගේ නම ද දකින්නට නොලැබීම විශාල අඩුවක් ලෙස සැළකිය හැකියි.මේ නම් අතර කඩුලු රැකීමෙන් සහ පන්දුවට පහර දීමෙන් දස්කම් දැක් වූ ලහිරු උදාරගේ නම දකින්නත් නැහැ.

කළම්ඹු ජගුවර්: ඇන්ජලෝ මැතිවිස්, අසාම් ඛාන්, කමිඳු මෙණ්ඩිස්,මතීෂ පතිරණ,ටයිමාල් මිල්ස්, අශීෆ් අලි, ඇන්ජලෝ පෙරේරා, අකිල ධනංජය , අලි ඛාන්, නිජිබුල්ලාහ් ෂඩ්රාන්, ඉසිත විජේසුන්දර, රමේෂ් මෙන්ඩිස්,අෂ්මීර් ජමාල්, රනුද සෝමරත්න, ජුවල් ඇන්ඩෲ, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ගරුක සංකේත

ගෝල් මාවර්ලස්: මහේෂ් තීක්ෂණ , ශකීබ් අල් හසන්, බිනුර ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ලුක් වුඩ්, ඇලෙක්ස් හෝල්, ජෙෆ්රි වැන්ඩර්සේ, චමිඳු වික්‍රමසිංහ, සහූර් ඛාන්, ආන්ඩ්‍රෙ ෆ්ලෙචර්, සඳුන් වීරක්කොඩි, ප්‍රභාත් ජයසූරිය, කෙස්රික් විලියම්ස්, දුමිඳු සෙව්මිණ, තඩිවනෂේ මරුමනි, සදීෂ රාජපක්ෂ
හම්බන්තොට ටයිගර්: දසුන් ශානක, ඉෆ්තිකාර් අහමඩ්, දුෂ්මන්ත චමීර, කුසල් පෙරේරා, රිචඩ් ග්ලීසන්, හස්රතුල්ලා ෂෂායි, තරිඳු රත්නායක, ඉසුරු උදාන, මොහොමඩ් ෂාසාඩ්, කරීම් ජනත්, ධනංජය ලක්ෂාන්, නිෂාන් පීරිස්, සෞම්‍යා සකර්, ෂෙවෝන් ඩැනියල්, බ්‍රයන් බෙනට් , සහන් ආරච්චිගේ, විජයකාන්ත් වියස්කාන්ත් , චමත් ගෝමස්
යාපනය ටයිටන්ස්: වනිඳු හසරංග, ටොම් කෝලර්-කැඩ්මෝර්, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, මොහොමඩ් අමීර්, ජොන්සන් චාල්ස්, දුනිත් වෙල්ලාලගේ, නුවන් තුෂාර, ජෝර්ජ් ගාල්ටන්, ට්‍රෙවීන් මැතිව්ස්, කෙවින් වික්හෙම්
මහනුවර බෝල්ට්ස්: තිසර පෙරේරා (අයිකනය), ඉමාඩ් වසීම්, පැතුම් නිශ්ශංක, දිනේෂ් චන්දිමාල්, සලීම් අයුබ්, ජොර්ජ් මුන්සේ, චතුරංග ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, ෂානවාස් දහනි, අමීර් හම්සා හොටක්, ෂෙහාන් ජයසූරිය, චාමික ගුණසේකර, චන්ද්‍රපෝල් හෙම්රාජ්, දනාල් හේමනන්ද, ඇරිනෙස්ටෝ වේෂා, සීක්කුගේ ප්‍රසන්න
නුවරඑළිය කිංග්ස්: අවිශ්ක ප්‍රනාන්දු, සෞරබ් තිවාරි, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, බෙනී හෝල්ස්, කයිල් මේයර්ස්, ලහිරු මධුශංක,ධනුෂ්ක ගුණතිලක, අෆ්ටාබ් අලාම්,ඔෂනි තෝමස්, නිම්සර අතරගල්ල, යශෝධ ලංකා, ෂුබයිඩ් අක්බාරි, විශේන් හැළඹගේ, රිවාඩෝ ක්ලාක්, චාමික කරුණාරත්න, පුලිඳු පෙරේරා

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...