ගිනි අවි භාරදීමට දිනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ (LNW):

පසුගිය කාලය පුරාවට විවිධ ආරක්ෂක හේතූන් මත පොලීසිය සහ යුද හමුදාව විසින් නිකුත් කළ ගිනිඅවි 2024 දෙසැම්බර් මස 30 වනදාට පෙර ළඟම ඇති පොලීසියට භාරදීමට පියවර ගන්නැයි ආරක්‍ෂක අමාත්‍යංශය අදාළ පාර්ශ්වයන්ට දැනුම්දෙයි.

ඒ අනුව, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට, විවිධ දේශපාලන පක්‍ෂ නායකයින්ට, දේශපාලන සංවිධානවලට මෙන්ම විවිධ තනතුරු දැරූ රජයේ විධායක නිලධාරීන්ට ජීවිත ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකා පොලීසියෙන් හා යුද හමුදාවෙන් නිකුත්කර තිබූ පිස්තෝල, රිවෝල්වර් හා පතුරොම් තුවක්කු සැලකිය යුතු ප්‍රමාණයක් ඇති බවද ආරක්‍ෂක අමාත්‍යංශය නිරීක්‍ෂණය කර ඇති බව සඳහන් වේ.

තවද, මෙම නිකුත්කර ඇති ගිනිඅවි ලබාදුන් පුද්ගලයින්ගේ නාමලේඛනයක් ශ්‍රී ලංකා පොලීසිය සතුවන බවද දැනුම්දෙන අතර, එම නාමලේඛනයේ නම් සඳහන් පුද්ගලයින්ගේ තොරතුරු විමසා ගිනිඅවි පොලීසිය භාරයට ගැනීමට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇත.

ආරක්‍ෂක අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම්දෙන්නේ , නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් කරනු ලබන විමසිම් සඳහා සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙසත්, තවද දැනටමත් එම ලේඛනයේ නම් සඳහන් පුද්ගලයින් ගිනිඅවි රජයට භාරදී ඇත්නම් ඒ පිළිබඳව සනාථ කරන ලේඛන පොලිස් නිලධාරීන්ට ලබාදීමෙන් සහයෝගය ලබාදෙන ලෙසත් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...